අවුරුදු 2ක් තුළ රනිල් හොරු නිදහස් කරපු හැටි

අනුප්‍රාප්තික ජනාධිපති රනිල් වික්‍රමසිංහ යටතේ ගෙවී ගිය වසර දෙකක කාලය තුළ මූල්‍ය අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි දේශපාලඥයන් 12 දෙනෙකු නිදහස් වී ගිය ආකාරය ආචාර්ය අමීර් අලි විසින් Daily FT පුවත්පතට හෙළිකර තිබේ.

එලෙස නිදහස් වී යාමට ප්‍රධාන හේත.ුව නීතිපති දෙපාර්තමේන්තුවේ අමනෝඥ ක්‍රියාකාරකම් බව ඔවුන් නිදහස් වූ දිනවල හෙළි වී තිබිණි. ආචාර්ය අමීන් අලි සැපයූ එම ලිපියේ පරිවර්තනයක් පසුගිය සිකුරාදා ලංකාදීප පුවත්පතේ පළ කර තිබූ අතර එසේ නිදහස් වුවන් පිළිබඳ විස්තර පහත දැක්වේ.

මහින්දානන්ද අලුත්ගමගේ – රුපියල් මිලියන 245ක් වටිනා මන්දිරයක් මිලදී ගැනීම සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය යටතේ චෝදනාවලින් නිදහස් වී යාමට ඉඩ හැරීම.

නාමල් රාජපක්ෂ – ගවර්ස් කෝපරේෂන් සර්විස් සමාගම සම්බන්ධ රුපියල් මිලියන 30ක මුදල් විශුද්ධිකරණ චෝදනාවලින් නිදහස් විම.

ආචාර්ය නාලක ගොඩහේවා – විනිමය සුරැකුම්පත් කොමිසමේ රුපියල් මිලියන 5ක් අවභාවිතයෙන් නිදහස් වීම.

විමල් වීරවංශ – පාස්පෝට් නසඩුවෙන් නිදහස් වීම.

බැසිල් රාජපක්ෂ – මල්වාන නඩුවෙන් නිදහස් වීම.

අජිත් නිවාඩ් කබ්‍රාල් – ඩොලර් මිලියන 6.5ක් අවභාවිතා කිරිමේ චෝදනාවෙන් නිදහස් වීම.

රවී කරුණානායක – මහ බැංකු බැඳුම්කර නඩුවෙන් නිදහස් වීම.

රංජිත් සොයිසා – මිනී මැරීමට තැත් කිරීමේ චෝදනාවෙන් නිදහස් වීම.

රාජිනි වෙලයාදම්පිල්ලේ දූෂණය කිරීමේ නඩුවෙන් හමුදා නිලධාරීන් නිදහස් වීම.

පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සහීර් – ජංගම දුරකතන නීති විරෝධීව ගෙන ඒමේ චෝදනාවෙන් නිදහස් වීම.

රාජපක්ෂ පවුල – මූල්‍ය වංචා සම්බන්ධයෙන් පවරා තිබූ සියලුම නඩුවලින් සාක්ෂි නොමැති බව කියා නිදහස් කරවීම

ආදි වශයෙන් අපරාධ රැසක චූදිතයන් නිදහස් විම මෙන් ම පාස්කු බෝම්බ ප්‍රහාරය දස්බන්ධයෙන් චැනල් 4 නාලිකාව හෙළිකළ තොරතුරු විමර්ශනයට පත් කළ කොමිසමේ වාර්තාව ඉදිරිපත් නොකිරීම මේ අතර ප්‍රධාන වේ.

උපුටා ගැනීම – ලංකා ට්‍රුත්

Share post:

Popular

වෙනත් පුවත්

සරත්චන්ද්‍ර ගේ “බෝ දෑ නික්මෙති”

මේ කවියා සරත්චන්ද්‍රර වල්පොල නොහොත් බොහෝ සමීපතමයන්ගේ ආමන්ත්‍රණවාචී "සරා"...

මට කොහොමටවත් මතක නෑ මගේ එක මොකක්ද කියල .

Mauro Biani ඉතාලියේ ජනරජ පුවත්පත වෙනුවෙන් Mauro Biani විසින් ඇඳි කාටූනයක් 

රතු තිත් දහස් ගණනක් පිටුපස ඇති පෘථිවියේ ජීවමාන හෘදස්පන්දනය…

අපේ පෘථිවි ග්‍රහලෝකය කියන්නේ ඇතුළතින් නිතරම වෙනස් වන, නිරන්තරයෙන්...

22 සම්මතයි

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ සංවිධාන සංශෝධන...