කතානායකගේ හැසිරීමට එරෙහිවත් නීතිය ක්‍රියාත්මක වෙයිද?

පොලිස්පති ධුරයට දේශබන්දු තෙන්නකෝන් පත් කිරීමේ දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපති මහින්ද යාපා අබේවර්ධන අනීතිකව ක්‍රියා කිරීම සම්බන්ධයෙන් පවතින නීතිමය තත්වය කුමක් දැයි බොහෝ දෙනාගේ අවධානය යොමු වී තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව මුල් අවස්ථා දෙකකදී දේශබන්දුගේ නම පොලිස්පති ධුරය සඳහා අනුමත නොකළ අතර තුන් වෙනි අවස්ථාවේ කතානායකගේ තීරක ඡන්දය අනුප්‍රාප්තික ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත නීත්‍යනුකූල නොවන ආකාරයට දන්වා යැවීමෙන් එම ධුරය සඳහා දේශබන්දු තෙන්නකෝන් පත් කරනු ලැබීය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයින් යම් අවස්ථාවකදී පක්ෂ විපක්ෂ ලෙසින් සමාන සංඛ්‍යාවක් ඡන්දය ලබා දී ඇත්නම් පමණක් තීරක ඡන්දයක් භාවිතා කිරීමේ බලය කතානායකට හිමි වී තිබේ.

පොලිස්පතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යස්ථාදයක සභාවේ සාමාජිකයින් අතර පැවති ඡන්ද විමසීමේදී දේශබන්දු තෙන්නකෝන්ට පක්ෂව ඡන්ද හතරක් සහ විරුද්ධව ඡන්ද දෙකක් ප්‍රකාශ වී තිබේ. තවත් සාමාජිකයින් දෙදෙනෙකු ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටි බවත් සඳහන් වේ.

එසේ ඡන්දය ප්‍රකාශය කිරීමෙන් වැළකී සිටි සාමාජිකයින් දෙදෙනා අදාළ යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශය කළ බව නිගමනය කරමින් කථානායකවරයා සිය තීරක ඡන්දය භාවිතා කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන වලට පටහැනි බවත් පොලිස්පති පත් කිරීමට එරෙහිව ඉදිරිපත් වූ පෙත්සම්වලින් පෙන්වා දී තිබුණි.

Share post:

Popular

වෙනත් පුවත්

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...

දීපචෙල්වම්ගේ කෘති නිදහස් කරන්නැයි නියෝගයක්

දීපචෙල්වම් ප්‍රදීපන්ගේ නම් ලේඛකයා විසින් රචිත ලද දෙමළ භාෂා...

IMF එක්ක දීගය අතාරින්න සූදානම් නෑලු

ශ්‍රී ලංකාව ළඟා කරගත් ආර්ථික ස්ථායීතාවය ආරක්ෂා කරගනිමින් ආර්ථික...