ඉන්දියාවට විකුණලා ඉතිරි ටික චීනෙට

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සහ හම්බන්තොට වරාය සංවර්ධනය කිරීමට චීනය සහය දෙන බව චීන මාධ්‍ය වාර්තා කරනවා.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා උපුටාදක්වමින් South China Morning Post වෙබ් අඩවිය මේ බව වාර්තා කර තිබුණා.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ චීන අග්‍රාමාත්‍යවරයා අතර ඊයේ (27) සිදුවූ සාකච්ඡාවකදී මේ පිළිබඳ සඳහන් කළ බව එම වාර්තාවල වැඩිදුරටත් සඳහන්.

ජපානයේ අරමුදල් සහිතව බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ පුළුල් කිරීම ආරම්භ කිරීමට නියමිතව තිබුණද ශ්‍රී ලංකාවේ ණය පැහැර හැරීමෙන් පසු එය මේ වන විට අත් හිටුවා තිබෙනවා.

ඒ අනුව, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ චීන අග්‍රාමාත්‍යවරයා අතට පැවති හමුවේදී අදාළ සංවර්ධන කටයුතු සඳහා චීනය සහය දෙන බවට එකඟතාවයකට පැමිණ තිබීම විශේෂත්වයක්.

ලංකාවේ රාජ්‍ය දේපොළ බොහොමයක් ඉන්දියානු සමාගම්වලට විකිනීමට ආණ්ඩුව සැලසුම් කර තිබේ. එහිදී කලාපීය අනෙක් බලවතා වන චීනය තරහ කර නොගැනීමටද ආණ්ඩුව උත්සාහ කරන බව පෙනේ. නමුත් ඒ වෙනුවෙන් වන්දි ගෙවීමට සිදුව ඇත්තේ රටේ ජනතාවටයි. ජනතා දේපොළ විකිණීම යනු රාජ්‍ය ආදායම අහිමිවීම හරහා ජනතාව මත තවත් බර පැටවීමයි.

Share post:

Popular

වෙනත් පුවත්

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීමට ආණ්ඩුවට මතක් කරමු!

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීම තුළින් නැවත එවැනි අපරාධ සිදුවීම...

මිලියනයකට ආසන්න ප්‍රංශ ජනතාවක් අද පාරට බැහැලා .

මැක්‍රොන්ගේ උද්ඝෝෂණ තහනම නොතකා අද   ප්‍රංශය පුරා උද්ඝෝෂණ පවත්වනු...

‘මරණය අසල නිසලව’ යනු ස්වයංචරිතාප්‍රදානයකට වඩා එහා ගිය කෘතියකි

ශ්‍රී ලංකාවට මුහුණු වර දෙකකි . විදේශීය අමුත්තන් විසින්...

පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය

ජාතික පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් ලිංගිකව එක්වන, රති...