ඉන්දියාවට විකුණලා ඉතිරි ටික චීනෙට

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සහ හම්බන්තොට වරාය සංවර්ධනය කිරීමට චීනය සහය දෙන බව චීන මාධ්‍ය වාර්තා කරනවා.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා උපුටාදක්වමින් South China Morning Post වෙබ් අඩවිය මේ බව වාර්තා කර තිබුණා.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ චීන අග්‍රාමාත්‍යවරයා අතර ඊයේ (27) සිදුවූ සාකච්ඡාවකදී මේ පිළිබඳ සඳහන් කළ බව එම වාර්තාවල වැඩිදුරටත් සඳහන්.

ජපානයේ අරමුදල් සහිතව බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ පුළුල් කිරීම ආරම්භ කිරීමට නියමිතව තිබුණද ශ්‍රී ලංකාවේ ණය පැහැර හැරීමෙන් පසු එය මේ වන විට අත් හිටුවා තිබෙනවා.

ඒ අනුව, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ චීන අග්‍රාමාත්‍යවරයා අතට පැවති හමුවේදී අදාළ සංවර්ධන කටයුතු සඳහා චීනය සහය දෙන බවට එකඟතාවයකට පැමිණ තිබීම විශේෂත්වයක්.

ලංකාවේ රාජ්‍ය දේපොළ බොහොමයක් ඉන්දියානු සමාගම්වලට විකිනීමට ආණ්ඩුව සැලසුම් කර තිබේ. එහිදී කලාපීය අනෙක් බලවතා වන චීනය තරහ කර නොගැනීමටද ආණ්ඩුව උත්සාහ කරන බව පෙනේ. නමුත් ඒ වෙනුවෙන් වන්දි ගෙවීමට සිදුව ඇත්තේ රටේ ජනතාවටයි. ජනතා දේපොළ විකිණීම යනු රාජ්‍ය ආදායම අහිමිවීම හරහා ජනතාව මත තවත් බර පැටවීමයි.

Share post:

Popular

වෙනත් පුවත්

රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්

රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...

JVP එක භාරතීය ජනතා පක්ෂයේ සංවිධාන අත්දැකීම් ඉගෙනගන්න ගිහින්

ජනතා විමුක්ති පෙරමුණේ (JVP) මහලේකම් ටිල්වින් සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත්...

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්පලිස්...

සියැටල් බැටළු හමින් සඟවාගත් ආණ්ඩුවේ පරිසර සංහාරයේ නිරුවට එළිකරන අම්පාරේ, ලංවා සහල් මෝල් ව්‍යාපෘතිය

අම්පාර දිස්ත්‍රික්කයේ, උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කරන්ගාව ප්‍රදේශයේ...