ආයුධ පෙන්වීමට ගොස් ඝාතනය කිරීම් නැවතත් ඇරඹෙයි

ගම්පහ මල්වතුහිරිපිටිය කහටාන ශ්‍රී ඝනාරාම විහාරස්ථානයේ වැඩ සිටි 45 හැවිරිදි හිමි නමක වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු ඊයේ මධ්‍යම රාත්‍රියේ දී පොලිස් වෙඩි පහරකට ලක්ව මියගොස් ඇතැයි අත්තනගල්ල පොලිසිය පවසයි.

අත්තනගල්ල පොලිස් වසමේ ඌරාපොළ, රුවන්වැල්ල පාර, ලිහිණියාගොල්ල ඇළ අසලදී පොලිස් වෙඩි පහරින් මෙසේ මියගොස් ඇත්තේ පෙරදොරපේ කල්හාර දිල්ෂාන් නැමති අංක 32, කුඩාපොකුණ, කාෂ්‍යපපුර, අරලගංවිල පදිංචිව සිටි 27 හැවිරිදි තරුණයෙකි.

මෙම සැකකරු ඉකුත් .10 දින හම්බේගමුව පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසු වැඩිදුර පරීක්ෂණ සඳහා පෑලියගොඩ අපරාධ කොට්ඨාශය වෙත භාරදී තිබිණි .

අපරාධ කොට්ඨාසයේ නිලධාරින් විශේෂ පරීක්ෂණයක් සඳහා සැකකරු ඌරාපොල ලිහිණියගොල්ල ඇළ ප්‍රදේශය වෙත වෙත රැගෙන ආ අවස්ථාවේ පොලිස් නිලධාරීන් හට පහරදී පළායාමට උත්සාහ දරා ඇතැයි ද සැකකරු පලායාමට ගත් උත්සාහය ව්‍යාර්ථ කිරීම සඳහා සිදු කළ වෙඩි තැබීමෙන් සැකකරු මරණයට පත්වී ඇතැයි ද පොලීසිය පවසයි.

අත්අඩංගුවෙන් පලායාමට උත්සාහ ගත් සැකකරුගේ පහරකෑමට ලක්වූ පෑලියගොඩ අපරාධ කොට්ඨාසයේ පොලිස් සැරයන්වරියක ප්‍රතිකාර සඳහා වතුපිටිවල මූලික රෝහලට ඇතුළත් කර ඇත.

සැකකරුවන් ආයුධ පෙන්නීමට ගොස් පොලීසියට වෙඩි තැබීම නිසා සැකකරුව මරාදැමීම මෙන්ම පලායාමට උත්සාහ කිරීම නිසා මරා දැමීම වැනි ‘පොලිස් නාටක’ රට තුළ විටින් විට රඟ දක්වෙමින් පැවතුනි. දැන් නැවතත් ටිරාන් අලස්ගේ සහ දේශබන්ධුගේ නායකත්වයෙන් එය ආරම්භ වී තිබේ.

 

Share post:

Popular

වෙනත් පුවත්

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...

දීපචෙල්වම්ගේ කෘති නිදහස් කරන්නැයි නියෝගයක්

දීපචෙල්වම් ප්‍රදීපන්ගේ නම් ලේඛකයා විසින් රචිත ලද දෙමළ භාෂා...

IMF එක්ක දීගය අතාරින්න සූදානම් නෑලු

ශ්‍රී ලංකාව ළඟා කරගත් ආර්ථික ස්ථායීතාවය ආරක්ෂා කරගනිමින් ආර්ථික...