එක වල්ලේ පොල් – බාල ඖෂධ ගන්න අත්සන් කළේ කෙහෙළිය නෙමෙයි බැසිල්ලු

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ඖෂධ මිලදී ගැනීමට අත්සන් තැබුවේ කෙහෙළිය රඹුක්වැල්ල නොව හිටපු මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ විසින් බව ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න සඳහන් කරයි.

ඔහු මේ බව සඳහන් කර ඇත්තේ පසුගිය 03දා ප්‍රශ්නගත එන්නත් තොගය සම්බන්ධයෙන් වන පරීක්ෂණවලට අදාළ ව අත්අඩංගුවට ගත් ඇමති කෙහෙළිය රඹුක්වැල්ල වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි අවස්ථාවේදී ය.

එහිදී අධිකරණය හමුවේ වැඩිදුරටත් කරුණු දැක්වූ නීතිඥවරයා මෙසේ ද පැවසීය.

‘ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ඖෂධ මිලදී ගැනීම සම්බන්ධයෙන් මාගේ සේවාදායකයාට නීතිපතිවරයා චෝදනාවක් එල්ල කළා. නමුත් ඊට අත්සන් තැබුවේ හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල වන මාගේ සේවාදායකයා නොව එවකට මුදල් ඇමැතිවරයාට සිටි බැසිල් රාජපක්ෂ විසිනුයි. මෙම ඖෂධ මිලදී ගැනීමේ ක්‍රියාවලියට අයත් ප්‍රසම්පාදන ක්‍රියාවලිය පෞද්ගලික අංශයට ලබාදීමට අදාළ අවසරය ලබාදුන්නේ මුදල් අමාත්‍යංශය විසිනුයි. එම නිසා බැලූ බැල්මට මාගේ සේවාදායකයා කිසිදු වරදක් කරලා නැහැ.’

මේ අතර බාල ඖෂධ ගෙන්වීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින කෙහෙළිය රඹුක්වැල්ලට පමණක් සියල්ල පටවා ඇඟ බේරා ගැනීමට ආණ්ඩුව ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයම උත්සාහා කරනු දක්නට ලැබේ. එහිදී නැගෙන ප්‍රධාන තර්කයක් වන්නේ කෙහෙළිය කැබිනට් මණ්ඩලයම ගොනාට අන්දවා මේ වැඩේ කර ඇති බවයි.

මෙම ඖෂධ ගෙන්වීම සම්බන්ධ යෝජනා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත්ව ඇත්තේ 2022 මැයි සහ අගෝස්තු අතර කාලයේදීයි.

2022 අගෝස්තු 18 වැනිදා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති රැස්වීමකට සහභාගි වී ඇති කෙහෙළිය රඹුක්වැල්ල ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ඉතිරිව ඇති මුදල් හැකි ඉක්මනින් පාවිච්චි කිරීමේ ක්‍රමවේදයන් පිළිබඳව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සාමාන්‍යාධිකාරිවරයාට උපදෙස් දී ඇතැයිද මෙම නඩුව කැඳවූ අවස්ථාවේ අනාවරණය විය.

මේ අනුව බාල ඖෂධ ගෙන්වමින් ජනතාවගේ ජීවිත සිතා මතා අනතුරේ හෙලීමේ චෝදනාව සියල්ලන්ටම එල්ල විය යුතුය.

 

Share post:

Popular

වෙනත් පුවත්

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...