විදුලි සේවක විරෝධයට ආණ්ඩුවෙන් බියගුළු ප්‍රතිචාරයක්

Date:

ලංකා විදුලිබල මණ්ඩලය විකිණීම සඳහා රජය ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පතට එරෙහිව අද (03 දා) සිට දින තුනක් විරෝධතාවේ නිරතවීමට විදුලි සේවක සංගම් තීරණය කිරීම ගැන ආණ්ඩුවේ ප්‍රතිචාරය වී ඇත්තේ බියගුළු මර්දනයයි.

රනිල් වික්‍රමසිංහගේ උපදෙස් මත විදුලි සැපයුමට සම්බන්ධ සියලු සේවාවන් අත්‍යවශ්‍ය සේවා බවට පත්කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව, විදුලි සැපයුමට සම්බන්ධ සියලුම සේවාවන්, ඛනිජ තෙල් නිෂ්පාදන සහ ඉන්ධන සැපයීම හෝ බෙදා හැරීම සම්බන්ධ සියලුම සේවාවන්, රේගු ආඥාපනතේ අර්ථ දක්වා ඇති පරිදි ඕනෑම වරායක් තුළ ඇති යාත්‍රාවලින් ආහාර හෝ බීම භාණ්ඩ බෙදා හැරීම සහ ඉවත් කිරීම, ගල් අඟුරු, තෙල් හෝ ඉන්ධන ඉවත් කිරීම, ප්‍රවාහනය, ගොඩබෑම, ගබඩා කිරීම, බෙදා හැරීම සහ ඉවත් කිරීම සම්බන්ධ සේවාවන්, ගුවන් තොටුපළ සහ වරාය ඇතුළු ගුවන් මගින් ප්‍රවාහන සේවා සඳහා පහසුකම් සැපයීම සහ නඩත්තු කිරීම එලෙස අත්‍යවශ්‍ය සේවාවන් බවට ප්‍රකාශයට පත්කර තිබෙනවා.

මේ අතර බලශක්ති ඇමති කාංචන විජේසේකරගේ ප්‍රතිචාරය වී ඇත්තේ ලංකා විදුලිබල මණ්ඩලයේ සේවාවලට බාධා කරන හෝ එහි කළමනාකාරීත්වය නිකුත් කර ඇති මාර්ගෝපදේශ කඩකරමින් ක්‍රියාකරන ඕනෑම සේවකයෙකුගේ වැඩතහනම් කර සුදුසු විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස විදුලිබල මණ්ඩලයේ කළමනාකාරිත්වයට උපදෙස් දීමයි.

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ යෝජනාව සංශෝධන සහිතව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවත් විදුලි බිල අඩුකිරීමේ යෝජනාව ද ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට ඉදිරිපත් කිරීමට නියමිත බවත් අමාත්‍ය කාංචන විජේසේකර පවසා ඇත.

සේවා අවශ්‍යතා සහ අඛණ්ඩව විදුලි සැපයීම පවත්වාගෙන යාම පිළිබඳව අවධානය යොමු කරමින් ලංකා විදුලිබල මණ්ඩලයේ සියලුම සේවකයන්ගේ නිවාඩු ඊයේ (2) සිට ක්‍රියාත්මක වන පරිදි අවලංගු කළ බව ලංකාව විදුලි බල මණ්ඩලයේ වැඩ බලන සාමාන්‍යාධිකාරී ඉංජිනේරු ආචාර්ය නරේන්ද්‍ර ද සිල්වා පැවසීය.

Share post:

Popular

More like this
Related

පල්ලෙගම ගැන සාක්ෂි ලැබුනත් විශේෂ සැළකිලිවල වෙනසක් නැහැ

විනිසුරුවරයාට අධිකරණ භූමියට ඇතුල් වීමට ඇති ගේට්ටුවෙන් හිටපු අටමස්ථානාධිපති...

සිංහබාහු සර්වකාලීන නාට්‍යයක් – ලලිතා සරච්චන්ද්‍ර කියයි

මහාචාර්ය එදීරිවීර සරච්චන්ද්‍රගේ 30 වන ගුණාස්මරණය පසුගිය අගෝස්තු 16දා...

නන්දා මාලනියගේ දේහයේ අවසන් කටයුතු සෙනසුරාදා 

ප්‍රවීණ ගායන ශිල්පිනී ආචාර්ය විශාරද නන්දා මාලනී මහත්මියගේ අභාවය...

බලයේ පරීක්ෂණය එය භාවිත කරන ආකාරයයි – ජෙහාන් පෙරේරා

22 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමත් සමඟ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා...