අධිවේගී මාර්ගයෙන් නිවාස අහිමිවූවන් ගෙනගිය සත්‍යග්‍රහයේදී අත්අඩංගුවට ගත් පිරිස ඇප මත නිදහස්

මධ්‍යම අධිවේගී මාර්ග ඉදි කිරිමේදී නිවාස හානි වූ පවුල් 600කට ආසන්න පිරිසක සාමාජිකයන් සිදුකළ සාමකාමී සත්‍යග්‍රහයේ යෙදෙමින් සිටියදී ඊයේ (27) අත්අඩංගුවට ගත් සංජීව කුලතිලක ඇතුළු සිව්දෙනා රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හැරීමට කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (28) නියෝග කර තිබෙනවා.

මෙහිදී, පොලිසිය විසින් සාපරාධී බලහත්කාරය පෑම, මං මාවත් පනත, අයුතු ජන රාශියක් ඇතුලු චෝදනා ගණනාවක් යටතේ අත්අඩංගුවට පත් පිරිසට එරෙහිව අධිකරණයේ කරුණු දක්වා තිබුණා.

අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ චාරක ධර්මරත්න මහතා නීතීඥ යසස් සමඟ දීර්ඝ කරුණ දැක්වීමක් සිදු කළ අතර අදාළ පිරිස සාමකාමී උද්ඝෝෂණයක නියැලුණු බවත් ශ්‍රේෂ්ඨාධිකරණය පවා සාමකාමී විරෝධතාවයට අවස්ථාව සලසා දී ඇති බවත් අධිකරණය හමුවේ පෙන්වා දුන්නා.

එමෙන්ම, මෙලෙස සාමකාමීව විරෝධය පෑම මූලික අයිතිවාසිකමක් බව පවසමින් පැරණි නඩු තීන්දු ගෙන හැර පාමින් කරුණු දැක්වීමක්ද සිදු කළා.

කෙසේවෙතත්, මෙහිදී කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේ මෙවැනි උද්ඝෝෂණ නවත්වන්නැයි පසු ගිය කාල සීමව තුළ විටින් විට පොලීසිය විසින් සිදු කරන ලද ඉල්ලීම් ප්‍රතික්ෂේප කරන ලද්දේ සාමකාමී විරෝධතා පැවැත්වීමට ඇති අයිතිය අධිකරණය විසින් පිළි ගැනීම නිසා බවයි.

එමෙන්ම, අත්අඩංගුවට පත් වූවන්ට මෙලෙස ඇප ලබා දීමෙන් මින් ඉදිරියට සාමකාමී විරෝධතා පැවැත්වීමට නොහැකි බව අදහස් නොවන බවද මහේස්ත්‍රාත්වරයා මෙහිදී අවධාරණය කළා.

මේ අතර, සත්‍යග්‍රහයේ නියැලී සිටියදී අත්අඩංගුවට ගත් පුද්ගලයන්ගේ ජංගම දුරකථනවල මුර පද ලබා දෙන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස පොලිසිය අධිකරණයෙන් සිදු කරන ලද ඉල්ලීම මහේස්ත්‍රාත්වරයා විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුවා.

Share post:

Popular

වෙනත් පුවත්

“පොතක් ගැන කතාබහක්”

Gnanasiri koththihoda විසින් රචිත " නව සම සමාජ පක්ෂයේ...

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...