IMF නිර්දේශ මත තවත් බද්දක් එන ලකුණු

2025 වනවිට රජයේ ආදායම් ඉලක්ක සපුරා ගැනීම සඳහා ලබන වසරේ සිට දේපළ බද්ද ක්‍රියාත්මක කිරීම ඉතාම අනිවාර්ය කරුණක් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව භාර දූත මණ්ඩල ප්‍රධානී පීටර් බවර් සඳහන් කළ බව BBC ප්‍රවෘත්ති සේවය වාර්තා කර තිබෙනවා.

ඊට පෙර රටේ සියලු දේපළ නිසි ලෙස තක්සේරු කළ යුතුවන අතර අනතුරුව ඒ සඳහා බදු අයකළ යුතු බවද ඔහු සඳහන් කර ඇති බව වාර්තා වනවා.

එසේම බදු අයකරන දේපළ නිසි ලෙස ලියාපදිංචි කර තිබීමද අවශ්‍ය බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තීරණය කර තිබුණා.

මූල්‍ය අරමුදල මෙලෙස නිර්දේශ කරන්නේ මෙතෙක් ශ්‍රී ලංකාව අපේක්ෂිත බදු ආදායම් ඉලක්ක සපුරා නැති බැවින් බවයි BBC වාර්තාවේ සඳහන් වී තිබෙන්නේ.

මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට වෙන්කළ ඇමෙරිකානු ඩොලර් කෝටි 290ක විස්තීර්ණ ණය මුදලින් මේ වන විට වාරික දෙකකදී ඩොලර් මිලියන 670ක් ලබා දී තිබෙනවා.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...