IMF නිර්දේශ මත තවත් බද්දක් එන ලකුණු

2025 වනවිට රජයේ ආදායම් ඉලක්ක සපුරා ගැනීම සඳහා ලබන වසරේ සිට දේපළ බද්ද ක්‍රියාත්මක කිරීම ඉතාම අනිවාර්ය කරුණක් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව භාර දූත මණ්ඩල ප්‍රධානී පීටර් බවර් සඳහන් කළ බව BBC ප්‍රවෘත්ති සේවය වාර්තා කර තිබෙනවා.

ඊට පෙර රටේ සියලු දේපළ නිසි ලෙස තක්සේරු කළ යුතුවන අතර අනතුරුව ඒ සඳහා බදු අයකළ යුතු බවද ඔහු සඳහන් කර ඇති බව වාර්තා වනවා.

එසේම බදු අයකරන දේපළ නිසි ලෙස ලියාපදිංචි කර තිබීමද අවශ්‍ය බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තීරණය කර තිබුණා.

මූල්‍ය අරමුදල මෙලෙස නිර්දේශ කරන්නේ මෙතෙක් ශ්‍රී ලංකාව අපේක්ෂිත බදු ආදායම් ඉලක්ක සපුරා නැති බැවින් බවයි BBC වාර්තාවේ සඳහන් වී තිබෙන්නේ.

මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට වෙන්කළ ඇමෙරිකානු ඩොලර් කෝටි 290ක විස්තීර්ණ ණය මුදලින් මේ වන විට වාරික දෙකකදී ඩොලර් මිලියන 670ක් ලබා දී තිබෙනවා.

Share post:

Popular

වෙනත් පුවත්

ශ්‍රී ලංකාවට මුහුණු වර දෙකකි . විදේශීය අමුත්තන් විසින්...

පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය

ජාතික පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් ලිංගිකව එක්වන, රති...

ප්‍රංශ අරගල හේතුවෙන් Louvre – Picasso – d’Orsey තාවකාලිකව වසා දමයි 

ඔක්තෝබර් 24 වැනිදා පැවැත්වීමට නියමිත උද්ඝෝෂණ ව්‍යාපාරය හේතු කරගෙන...

‘තෝරෛ’ නවකතාව ගැන ආරක්ෂක අමාත්‍යාංශයේ අවසරය ඉල්ලයි!

තම්ල් ලේඛක ප්‍රදීප් ගුණරත්නම් ගේ 'තෝරෛ' නවකතාවේ යොදා ඇති...