පොසිල ඉන්ධනවලට එරෙහි විරෝධතා සඳහා සහභාගී වූ ග්‍රේටා තුන්බර්ග්ට ස්වීඩන් අධිකරණයෙන් නඩු

ස්වීඩන් රජය පරිසරවේදිනියක වන ග්‍රේටා තුන්බර්ග්ට එරෙහිව පොලිසියට අවනත නොවීම යන චෝදනාව යටතේ නඩු පවරා තිබේ. මෙලෙස නඩු පැවරීමට හේතුව ජුනි මාසයේ පොසිල ඉන්ධනවලට එරෙහිව Malmö හි වරායක තෙල් ටැංකි අවහිර කරමින් විරෝධතා දැක්වීමයි.

මෙම චෝදනාව යටතේ ඇයට මාස හයක සිර දඬුවමක් හෝ දඩයකට මුහුණ දීමට සිදු විය හැකිය.

ග්‍රේටා ජූලි මස අවසානයේදී අධිකරණයට ඉදිරිපත්වීමට නියමිතව තිබේ.

20 හැවිරිදි ග්‍රේටා තන්බර්ග් සමඟ තවත් තරුණ පරිසර ක්‍රියාකාරීන් තිදෙනෙකුට මෙම චෝදනාව එල්ල වී තිබේ. ස්වීඩන් පොලීසිය පවසන්නේ ඔවුන් Malmö හි වරායේ තෙල් ටැංකි අවහිර කරමින් විරෝධතා දක්වමින් සිටියදී ඇය ඇතුළු පිරිසට පිටව යන ලෙස දැනුම් දුන්නත් ඔවුන් එය ප්‍රතික්ෂේප කළ බවයි.

Ta Tillbaka Framtiden එනම් Reclaim the Future කණ්ඩායම ජුනි මාසයේදී දින හයක් Malmö වරාය අවහිර කරමින් විරෝධතා පවත්වා තිබුණි. ඇතැම් විරෝධතාකරුවන් තෙල් ටැංකි මත නගිමින් විරෝධතාවයේ නිරත විය.

“දේශගුණික අර්බුදය දැනටමත් අසංඛ්‍යාත මිනිසුන්ගේ ජීවිතය හා මරණය පිළිබඳ කාරණයක්” බව තන්බර්ග් පවසයි.

”ඒ අනුව අපි නරඹන්නන් නොවී සිටීමට තීරණය කරමු” ඇය තම ට්විටර් ගිණුම හරහා පවසා තිබුණි.

ස්වීඩන් අධිකරණය පවසන්නේ “මේ වසරේ ජුනි 19 වන දින දේශගුණික විරෝධතාවලට සහභාගී වූ තරුණ තරුණියන්ගේ විරෝධතා නිසා මැල්මෝ හි ගමනාගමනයට බාධාවක් ඇතිවීම සම්බන්ධයෙන් පැමිණිලි ලැබී ඇති බවයි.

 

Share post:

Popular

වෙනත් පුවත්

පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය

ජාතික පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් ලිංගිකව එක්වන, රති...

ප්‍රංශ අරගල හේතුවෙන් Louvre – Picasso – d’Orsey තාවකාලිකව වසා දමයි 

ඔක්තෝබර් 24 වැනිදා පැවැත්වීමට නියමිත උද්ඝෝෂණ ව්‍යාපාරය හේතු කරගෙන...

‘තෝරෛ’ නවකතාව ගැන ආරක්ෂක අමාත්‍යාංශයේ අවසරය ඉල්ලයි!

තම්ල් ලේඛක ප්‍රදීප් ගුණරත්නම් ගේ 'තෝරෛ' නවකතාවේ යොදා ඇති...

ප්‍රංශ අරගලයයි මාධ්‍ය ඉස්මතු කරන දේයි අතර වෙනස 

ධනපති පාලකයන් විසින් ජනතාව පීඩාවට පත් කිරීමට එරෙහිව ගොඩනැගෙන...