පොසිල ඉන්ධනවලට එරෙහි විරෝධතා සඳහා සහභාගී වූ ග්‍රේටා තුන්බර්ග්ට ස්වීඩන් අධිකරණයෙන් නඩු

ස්වීඩන් රජය පරිසරවේදිනියක වන ග්‍රේටා තුන්බර්ග්ට එරෙහිව පොලිසියට අවනත නොවීම යන චෝදනාව යටතේ නඩු පවරා තිබේ. මෙලෙස නඩු පැවරීමට හේතුව ජුනි මාසයේ පොසිල ඉන්ධනවලට එරෙහිව Malmö හි වරායක තෙල් ටැංකි අවහිර කරමින් විරෝධතා දැක්වීමයි.

මෙම චෝදනාව යටතේ ඇයට මාස හයක සිර දඬුවමක් හෝ දඩයකට මුහුණ දීමට සිදු විය හැකිය.

ග්‍රේටා ජූලි මස අවසානයේදී අධිකරණයට ඉදිරිපත්වීමට නියමිතව තිබේ.

20 හැවිරිදි ග්‍රේටා තන්බර්ග් සමඟ තවත් තරුණ පරිසර ක්‍රියාකාරීන් තිදෙනෙකුට මෙම චෝදනාව එල්ල වී තිබේ. ස්වීඩන් පොලීසිය පවසන්නේ ඔවුන් Malmö හි වරායේ තෙල් ටැංකි අවහිර කරමින් විරෝධතා දක්වමින් සිටියදී ඇය ඇතුළු පිරිසට පිටව යන ලෙස දැනුම් දුන්නත් ඔවුන් එය ප්‍රතික්ෂේප කළ බවයි.

Ta Tillbaka Framtiden එනම් Reclaim the Future කණ්ඩායම ජුනි මාසයේදී දින හයක් Malmö වරාය අවහිර කරමින් විරෝධතා පවත්වා තිබුණි. ඇතැම් විරෝධතාකරුවන් තෙල් ටැංකි මත නගිමින් විරෝධතාවයේ නිරත විය.

“දේශගුණික අර්බුදය දැනටමත් අසංඛ්‍යාත මිනිසුන්ගේ ජීවිතය හා මරණය පිළිබඳ කාරණයක්” බව තන්බර්ග් පවසයි.

”ඒ අනුව අපි නරඹන්නන් නොවී සිටීමට තීරණය කරමු” ඇය තම ට්විටර් ගිණුම හරහා පවසා තිබුණි.

ස්වීඩන් අධිකරණය පවසන්නේ “මේ වසරේ ජුනි 19 වන දින දේශගුණික විරෝධතාවලට සහභාගී වූ තරුණ තරුණියන්ගේ විරෝධතා නිසා මැල්මෝ හි ගමනාගමනයට බාධාවක් ඇතිවීම සම්බන්ධයෙන් පැමිණිලි ලැබී ඇති බවයි.

 

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...