දේශබන්ධුට උසාවියේ පෙනී සිටින්නැයි දුන් සිතාසියට එරෙහිව අතුරු තහනමක්

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට හෙට (16) අධිකරණයේ පෙනී සිටින්නැයි දන්වා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් දුන් සිතාසි නියෝගය ලබන 28 වැනිදා දක්වා අත්හිටුවමින් අභියාචනාධිකරණයෙන් අතුරු තහනමක් නිකුත් කර තිබෙනවා.

නියෝජ්‍ය පොලිස්පති තෙන්නකෝන්ට එරෙහිව කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණයේ පැවැත්වෙන මෙම රිට් පෙත්සම විභාගයට ගෙන අවසන් කරන තෙක් එම විභාග කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය තවදුරටත් අතුරු නියෝගයක් නිකුත් කර ඇත.

ගෝල්ෆේස් අරගලය අවස්ථාවේ ජනාධිපති මන්දිරයේ සිට හමුවූ රුපියල් කෝටි ගණනක මුදලට අදාළව සාපරාධී විශ්වාසය කඩ කිරීමට ආධාර අනුබල දුන් බවට එල්ල වූ සාපරාධී චෝදනාවක් සම්බන්ධයෙන් පෙබරවාරි 16 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ජනවාරි 26 වැනිදා දේශබන්දු තෙන්නකෝන්ට සිතාසි නිකුත් කර තිබිණි. ජුලි 9 වැනි දින ජනාධිපති මන්දිරය තුළ තිබී විරෝධතාකරුවන් විසින් රුපියල් මිලියන 17.8 ක් සොයා ගන්නා ලදී.

තමාට එරෙහි මහේස්ත්‍රාත් පරීක්ෂණය සහ සිතාසි නිකුත් කිරීම අභියෝගයට ලක්කරමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තෙන්නකෝන් ගොනුකළ රිට් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණ ද්විපුද්ගල විනිසුරු මඩුල්ල මෙම නියෝගය නිකුත් කර ඇත.

Share post:

Popular

වෙනත් පුවත්

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීමට ආණ්ඩුවට මතක් කරමු!

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීම තුළින් නැවත එවැනි අපරාධ සිදුවීම...

මිලියනයකට ආසන්න ප්‍රංශ ජනතාවක් අද පාරට බැහැලා .

මැක්‍රොන්ගේ උද්ඝෝෂණ තහනම නොතකා අද   ප්‍රංශය පුරා උද්ඝෝෂණ පවත්වනු...

‘මරණය අසල නිසලව’ යනු ස්වයංචරිතාප්‍රදානයකට වඩා එහා ගිය කෘතියකි

ශ්‍රී ලංකාවට මුහුණු වර දෙකකි . විදේශීය අමුත්තන් විසින්...

පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය

ජාතික පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් ලිංගිකව එක්වන, රති...