දේශබන්ධුට උසාවියේ පෙනී සිටින්නැයි දුන් සිතාසියට එරෙහිව අතුරු තහනමක්

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට හෙට (16) අධිකරණයේ පෙනී සිටින්නැයි දන්වා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් දුන් සිතාසි නියෝගය ලබන 28 වැනිදා දක්වා අත්හිටුවමින් අභියාචනාධිකරණයෙන් අතුරු තහනමක් නිකුත් කර තිබෙනවා.

නියෝජ්‍ය පොලිස්පති තෙන්නකෝන්ට එරෙහිව කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණයේ පැවැත්වෙන මෙම රිට් පෙත්සම විභාගයට ගෙන අවසන් කරන තෙක් එම විභාග කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය තවදුරටත් අතුරු නියෝගයක් නිකුත් කර ඇත.

ගෝල්ෆේස් අරගලය අවස්ථාවේ ජනාධිපති මන්දිරයේ සිට හමුවූ රුපියල් කෝටි ගණනක මුදලට අදාළව සාපරාධී විශ්වාසය කඩ කිරීමට ආධාර අනුබල දුන් බවට එල්ල වූ සාපරාධී චෝදනාවක් සම්බන්ධයෙන් පෙබරවාරි 16 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ජනවාරි 26 වැනිදා දේශබන්දු තෙන්නකෝන්ට සිතාසි නිකුත් කර තිබිණි. ජුලි 9 වැනි දින ජනාධිපති මන්දිරය තුළ තිබී විරෝධතාකරුවන් විසින් රුපියල් මිලියන 17.8 ක් සොයා ගන්නා ලදී.

තමාට එරෙහි මහේස්ත්‍රාත් පරීක්ෂණය සහ සිතාසි නිකුත් කිරීම අභියෝගයට ලක්කරමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තෙන්නකෝන් ගොනුකළ රිට් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණ ද්විපුද්ගල විනිසුරු මඩුල්ල මෙම නියෝගය නිකුත් කර ඇත.

Share post:

Popular

වෙනත් පුවත්

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...