ඉන්දියාව ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට එකඟ වීම තවත් උගුලක්ද?

ශ්‍රී ලංකාවට ණය ලබාදී ඇති සියලුම ද්වි පාර්ශවික ණය හිමියන් එම ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ක්‍රියාකාරීව දායක විය යුතු බව ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිශංකර් පවසා ඇත.

ඔහු මේ බව කියා සිටියේ කොළඹ දී අද පැවැත්වෙන ඒකාබද්ධ මාධ්‍ය හමුවකදීයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (20) උදෑසන ජනාධිපති ලේකම් කාර්යාලයේ දී හමු වී සාකච්ඡාවක් කරනු ලබනවා.

එහිදී ඉන්දීය විදේශ අමාත්‍යවරයා කියා සිටියේ ත්‍රිකුණාමලය තුළ බලශක්ති කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට ශ්‍රී ලංකාවට හැකියාව ඇති බවයි.

එවැනි විශ්වාසදායක මුලපිරීම් සඳහා හවුල්කරුවෙකු වීමට ඉන්දියාව සුදානම් බව එස්. ජයිශංකර් පවසනවා.

මෙහිදී සහයෝගිතාව ඉදිරියට ගෙන යමින් පුනර්ජනනීය බලශක්ති රාමුවක් පිළිබඳ ප්‍රතිපත්තිමය වශයෙන් එකඟතාවකට පැමිණීමට ද මේ සාකච්ඡාවේ දී කැමැත්ත පළකර තිබෙනවා.

මේ අතර ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී, ජනාධිපති රනිල් වික්‍රමසිංහට ඉන්දීය සංචාරයක් සදහා ඇරයුම් කර ඇතැයි, එරට විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් මෙරටදී පැවති ඒකාබද්ධ මාධ්‍ය හමුවේදී දැනුම් දැනුම් දුන්නා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හරහා ණය ලබාදීමට නම් චීනයේ ණය ප්‍රතිවියුහගත කිරීමට පළමුව එකඟ විය යුතු බවට කොන්දේසියක් පනවා තිබේ. ඊට අමතරව ඉන්දියාවේ සහයද ලංකාවට අවශ්‍යව තිබේ.

මෙහිදී ආසියානු කලාපයේ වැඩෙමින් පවතින බලවතුන දෙදෙනා වන චීනය සහ ඉන්දියාව අතර පවතින තරඟය මෙම ප්‍රශ්නය සම්බන්ධයෙන් කටයුතු කිරීමේදීද තියුණු ලෙස දක්නට ලැබෙන්නකි.

මේ රටවල් දෙකටම ලංකාව තමන් යටතේ පවත්වා ගැනීම පිහිටීම තම බලය ශක්තිමත් කරගැනීම සඳහා වැදගත් වේ. එහිදී විවිධ අවස්ථා පාවිච්චි කරමින් ලංකාවට කරන බලපෑම් මේ රටවල් දෙකෙන්ම දක්නට ලැබුණි.

පසුගියදා ලංකාව ණය ප්‍රතිව්‍යුහගත කිරීමට එකඟ වෙන්නැයි චීනයෙන් සහ ඉන්දියාවෙන් ඉල්ලා තිබුණි. දැන් ඉන්දියාව ධනාත්මක ප්‍රතිචාරයක් දක්වා ඇති බව පෙනේ . නමුත් ඉන්දීය විදේශ අමාත්‍යවරයාම කියා ඇති පරිදි ඒ නිකම්ම නිකම් නොවේ. ඒ වෙනුවට අපට ඉන්දියාව කාලයක සිට ඉල්ලමින් සිටින ත්‍රිකුණාමල තෙල් ටැංකි සම්පූර්ණයෙන් ඔවුන්ට ලබාදීමට සිදුවෙනු ඇත.

ඊට අමතරව රාජ්‍ය ව්‍යවසාය කිහිපයක්ම ඔවුන් යටතට පත්කිරීමට සිදුවෙනු ඇත. ලංකා විදුලි බල මණ්ඩලය, තෙල් සංස්ථාව සම්බන්ධයෙන් එවැනි ඉඟි පළවෙමින් තිබේ.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...