තමනුත් වගකිවයුතු රට බංකොලොත් වීම ගැන සොයන්න රනිල්ගෙන් කොමිටියක්

Date:

වැරදි රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති මගින් ආර්ථිකය බංකොලොත් භාවයට ගෙනගිය පිරිස් ගැන සෙවීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ පාර්ලිමේන්තුවේ ඊයේ (08) අයවැය තෙවැනි වර කියැවීමේ විවාදයට එක්වෙමින්. රනිල් වික්‍රමසිංහ පැවසුවේ ඒ සඳහා විශේෂ ජනාධිපති කොමිෂන් සභාවක් ද පත් කළ හැකි නමුත් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීම සුදුසු බවයි.

දුරදිග නොබලා ජනප්‍රිය තීන්දු තීරණ ගැනීම හේතුවෙන් අද රට බලවත් දුෂ්කරතාවකට මුහුණ දී සිටින බවත්, රටේ අනාගතය යහපත් කිරීමට නම් ජනප්‍රිය නොවන තීන්දු තීරණ ගැනීමට සිදුව තිබෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

රට මෙවැනි ආර්ථික අර්බුදයකට පත්වීමට වැරදි තීන්දු තීරණ ගත් පර්ශ්වයන් සහ ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරන ලෙස මෙහිදී මන්ත්‍රීවරු කළ ඉල්ලීමට ජනාධිපතිවරයා සිය එකඟත්වය පළ කරමින් ඒ බව සඳහන් කර ඇත.

ඒ සම්බන්ධයෙන් තමනට කිසිවක් සැඟවීමට අවශ්‍ය නොවන බවත් හිටපු ජනාධිපතිවරයා ද අනුමැතිය පළ කරන ලද බදු සහන යෝජනා සම්බන්ධයෙන් ද සොයා බැලීම සුදුසු බවත් එහිදී ජනාධිපතිවරයා පවසා ඇත.

තමන් ගෝඨාභයට කලින් ආණ්ඩුවේ අගමැතිව සිටි බව රනිල් වික්‍රමසිංහට අමතක වී තිබේ. මේ ආර්ථික අර්බුදය යනු හදිසියේ පහල වූවක් නොවේ. රනිල් වික්‍රමසිංහ ද පාලනයට සම්බන්ධ වූ විවිධ කාලවල තිබූ ආණ්ඩු විසින් ක්‍රියාත්මක කරන ලද ප්‍රතිපත්ති අනුව ඇතිවූවකි. එසේනම් රනිල් වික්‍රමසිංහ ද මේ අර්බුදයට ඍජුව වගකිව යුතුව ඇත.

Share post:

Popular

More like this
Related

දූෂණ විරෝධී පනතට ගෙන ආ නව සංශෝධන ජනතා ජයග්‍රහණ ආපසු හැරවීමක්

අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා,2026.08.24ජනාධිපති කාර්යාලය,කොළඹ 01. ගරු ජනාධිපතිතුමනි, දූෂණ...

පල්ලෙගම ගැන සාක්ෂි ලැබුනත් විශේෂ සැළකිලිවල වෙනසක් නැහැ

විනිසුරුවරයාට අධිකරණ භූමියට ඇතුල් වීමට ඇති ගේට්ටුවෙන් හිටපු අටමස්ථානාධිපති...

සිංහබාහු සර්වකාලීන නාට්‍යයක් – ලලිතා සරච්චන්ද්‍ර කියයි

මහාචාර්ය එදීරිවීර සරච්චන්ද්‍රගේ 30 වන ගුණාස්මරණය පසුගිය අගෝස්තු 16දා...