මුලතිව් මාධ්‍ය සමාජයට හමුදාවෙන් තර්ජනයක්

මුලතිව් මාධ්‍ය සමාජය පිහිටි ස්ථානයට ගිය යුද හමුදා සාමාජිකයන් පිරිසක් ඊයේ (24) එහි සියලු තොරතුරු ඉල්ලා තිබේ. එහි ප්‍රධානීන්ගේ නම්, දුරකතන අංක, ලිපින ආදී සියලු තොරතුරු ලබාදෙන ලෙස ඔවුන් එහි සිටි මාධ්‍යවේදී කේ. කුමනන්ට බලකර ඇත. සිය බලසේනාංකාධිපතිවරයාගේ උපදෙස් මත මෙම තොරතුරු ලබාගැනීමට අවශ්‍ය බව ඔවුන්ගෙන් කළ විමසීමේදී පවසා ඇත.

එහිදී අදාළ ස්ථානයේ සිටි මාධ්‍යවේදීන් පවසා ඇත්තේ එසේ තොරතුරු ලබාදිය නොහැකි බවත්, එම තොරතුරු ලබාගැනීමට හේතුව නිශ්චිතව දැනගැනීමට අවශ්‍ය බවත් ය. දිගින්-දිගටම තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් එම හමුදා නිලධාරීන් එම ස්ථානයෙන් පිටව ගොස් තිබේ.

එම ස්ථානයට හමුදා සාමාජිකයන්ගේ මුල් පැමිණීම සිදු වී ඇත්තේ ඊයේ පෙරවරු 10.30ට ආසන්න වේලාවකදී ය. ඉන් පැය 03කට පසු, අද පස්වරු 1.40ට ආසන්න වේලාවකදී ගිනි අවි රැගත් හමුදා සාමාජිකයන් පිරිසක් සහිත යුද හමුදා ජීප් රථයක් වේගයෙන් එහි පැමිණි බවත්, එම රථය වේගයෙන් පිටුපසට ගෙන මොහොතක් නවතා තබා නැවත වේගයෙන් පිටත්ව ගිය බවත් මාධ්‍යවේදී කේ. කුමනන් පවසයි.

මුලතිව් හි පිහිටි යුද හමුදා 591 බලසේනාංකාධිපති බ්‍රිගේඩියර් යූ.එස්.එන්.කේ. පෙරේරාගෙන් උතුරේ මාධ්‍යවේදීන් මේ පිළිබඳව විමසීමට අප ගත් උත්සාහය ව්‍යර්ථ වී තිබේ.
යුද හමුදා මාධ්‍ය අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් රවී හේරත්ගෙන් කළ විමසීමේදී ඔහු පවසා ඇත්තේ ප්‍රාදේශීය වශයෙන් මාධ්‍ය ආයතන සමග සමීප සම්බන්ධතාවක් පවත්වාගෙන යෑමේ අරමුණෙන් මාධ්‍යවේදීන් සම්බන්ධ කරගැනීමේ කටයුතු මේ දිනවල සිදු වන බවයි.

මෙහිදී සිදු වී ඇත්තේ එවැන්නක් නොවන බව පැහැදිලි කිරීමෙන් පසු ඔහු පැවසුවේ එසේ තොරතුරු එකතු කිරීමේ කිසිදු වැඩසටහනක් යුද හමුදාව පාර්ශ්වයෙන් සිදු නොකරන බවයි.

Share post:

Popular

More like this
Related

22

රොබෑර්තෝ පියුමීණි සහ ළමා සාහිත්‍යය

රොබෑර්තෝ පියුමීණි උපත ලබන්නේ 1947 ඉතාලියේ බ්‍රෙෂියා ප්‍රදේශයේ එදොලෝ...

ලෝක අවම වේතන වාර්තාවතුල ලංකාව 120

ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ (ILO) දත්ත පදනම් කරගනිමින් Visual Capitalist...