‘කපුටු කාක්’කියා හෝන් ගැසූ නීතිඥයාට එරෙහි නඩුව ඉවතට

ගෝල්ෆේස් අරගලයේදි දිවි පිදූ අරගලකරුවන් සිහි කරමින් පසුගිය සැප්තැම්බර් 9 වන දින බණ්ඩාරනායක පිලිරුව අසල පැවැත්වූ වැඩසටහනට සහභාගී වීමට පැමිණි නීතිඥ දුෂ්මන්ත වීරරත්න හට එම ස්ථානයේ රාජකාරි කරමින් සිටි කොටුව පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ නිලධාරීන් විසින් ‘කපුටු කාක් කාක් තාලයට’ නලාව ශබ්ද කිරීම අනවශ්‍ය ලෙස වාහන නලාව ශබ්ද කිරීමක් යැයි පවසා නීතිමය පියවර ගන්නා බවට ප්‍රකාශ කර ඇත.

ඒ අනුව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණ අංක 7 හි එම නඩුව ඊයේ (14) දින කැඳවා තිබේ. ඒ අවස්ථාවේදි පොලිසිය විසින් සිදු කළ කරුණු දැක්වීමට සහ පොලිසියේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත්වරයා දැඩි ලෙස දෝෂාරෝපණය කර තිබේ.

පොලීසියට තරයේ අවවාද කරමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කර ඇත්තේ යමෙකු රථවාහන වරදක් සිදුකළේ නම් එම අවස්ථාවේදීම ස්ථානීය දඩයක් නියම කිරීමේ හැකියාව පොලීසියට තිබෙන බවයි. එසේ නොකරන අධිකරණයට කරුණු වාර්තා කරමින් නීතිය අවභාවිතා නොකරන ලෙස පොලිස් නිළධාරීන්ට දැනුම් දී තිබෙනවා. මෙම නඩුව විභාගයට ගැනීමකින් තොරවම නීතිඥ දුෂ්මන්ත වීරරත්න නිදොස් කරමින් නඩුව නිෂ්ප්‍රභ කර ඇත.

Share post:

Popular

වෙනත් පුවත්

අනවසර ඉදිකිරීම් නීතිය – ලොක්කන්ට එක විදිහක් පොඩ්ඩන්ට තව විදිහක්ද?

මේ දිනවල ආණ්ඩුව විසින් ක්‍රියාත්මක අනවසර ඉදිකිරීම් ඉවත්කිරීමේ වැඩපිළිවෙල...

“මල් මල් බයිසිකලය” – ජීවිත සාරයට දරුවන්ට

දුව පුතගොඩ වෙන්නමේ මල් මල්බයිසිකලයට අමතක නොවනරවුමක් යමු අපි මේ ලහිරු...

පළාත් සභා තේරීම් කාරක සභාව විපක්ෂය වර්ජනය කරයි

අද (සැප්තැම්බර් 10) පැවති පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන්...

ඥාණසාර භික්ෂුවට මෛත්‍රී දුන් සමාව රිවස් කරයි

2019 වසරේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පූජ්‍ය ගලගොඩඅත්තේ...