Breaking News

‘කපුටු කාක්’කියා හෝන් ගැසූ නීතිඥයාට එරෙහි නඩුව ඉවතට

ගෝල්ෆේස් අරගලයේදි දිවි පිදූ අරගලකරුවන් සිහි කරමින් පසුගිය සැප්තැම්බර් 9 වන දින බණ්ඩාරනායක පිලිරුව අසල පැවැත්වූ වැඩසටහනට සහභාගී වීමට පැමිණි නීතිඥ දුෂ්මන්ත වීරරත්න හට එම ස්ථානයේ රාජකාරි කරමින් සිටි කොටුව පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ නිලධාරීන් විසින් ‘කපුටු කාක් කාක් තාලයට’ නලාව ශබ්ද කිරීම අනවශ්‍ය ලෙස වාහන නලාව ශබ්ද කිරීමක් යැයි පවසා නීතිමය පියවර ගන්නා බවට ප්‍රකාශ කර ඇත.

ඒ අනුව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණ අංක 7 හි එම නඩුව ඊයේ (14) දින කැඳවා තිබේ. ඒ අවස්ථාවේදි පොලිසිය විසින් සිදු කළ කරුණු දැක්වීමට සහ පොලිසියේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත්වරයා දැඩි ලෙස දෝෂාරෝපණය කර තිබේ.

පොලීසියට තරයේ අවවාද කරමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කර ඇත්තේ යමෙකු රථවාහන වරදක් සිදුකළේ නම් එම අවස්ථාවේදීම ස්ථානීය දඩයක් නියම කිරීමේ හැකියාව පොලීසියට තිබෙන බවයි. එසේ නොකරන අධිකරණයට කරුණු වාර්තා කරමින් නීතිය අවභාවිතා නොකරන ලෙස පොලිස් නිළධාරීන්ට දැනුම් දී තිබෙනවා. මෙම නඩුව විභාගයට ගැනීමකින් තොරවම නීතිඥ දුෂ්මන්ත වීරරත්න නිදොස් කරමින් නඩුව නිෂ්ප්‍රභ කර ඇත.

leave a reply