ණය ගෙවාගත නොහැකිව සියදිවි නසාගන්න තැත්කළ හමුදා සෙබලෙක් බේරාගැනේ

මඩකලපුව ගුවන් හමුදා කඳවුරට අනුයුක්තව සේවය කළ ගුවන් හමුදා සෙබළෙක් ගසක එල්ලී සියදිවි නසා ගැනීමට තැත් කළ පුද්ගලයෙකු බේරා ගැනීමට පොලිස් සැරයන්වරයෙකුට හැකියාව ලැබී තිබෙනවා.

මඩකලපුව – පොළොන්නරුව මාර්ගයේ රිදීතැන්න ප්‍රදේශයේ දී අදාළ පුද්ගලයා සියදිවි නසා ගැනීමට උත්සාහ කරන අවස්ථාවේ දී සිය රාජකාරි වැඩ මුරය අවසන් වී පොලිස් ස්ථානය වෙත ගමන් කරමින් සිටි පොලිස් සැරයන්වරයෙකු මෙම සිද්ධිය දැක ඇති අතර, එහිදී එම පුද්ගලයාව අනතුරෙන් බේරාගෙන රෝහලගත කිරීමට පියවර ගෙන තිබෙනවා.

මෙම පුද්ගලයා පසුගිය 18 වැනි දින නිවාඩු ලබා උලපනේ පිහිටි ඔහුගේ නිවසට පැමිණ ඇති අතර, නිවාඩු අවසන් වී නැවත පැමිණෙන විට ඔහුව කිසියම් පිරිසක් විසින් ඝාතනය කිරීමට පැහැරගෙන ගොස්, හිංසා සිදු කර ඇති බවයි හෙතෙම පොලිසිය සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී පවසා ඇත්තේ.

නමුත් එම ප්‍රකාශයෙන් පොලිසියට සැකයක් පැන නැගීම හේතුවෙන් සිදු කරන ලද ඉදිරි විමර්ශන කටයුතුවලදී අනාවරණ වී ඇත්තේ, මෙම තැනැත්තා නිවාඩු ලබා කඳවුරෙන් පැමිණීමට පෙර සිය කඳවුරේ මිතුරන්ගෙන් රුපියල් දෙලක්ෂයකට ආසන්න මුදලක් ණය වශයෙන් ගෙන ඇති බවත්, එම ණය මුදල් වරින්වර ණයහිමියන් විසින් ඉල්ලා ඇති බවයි.

එම ණය මුදල් පියවීමට ඇති නොහැකියාව හේතුවෙන් මෙම පුද්ගලයා මෙලෙස සියදිවි නසා ගැනීමට උත්සාහ කර ඇති බවයි පොලිස් විමර්ශනවලදී හෙළි වී ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.

උපුටාගැනීම – News 19

Share post:

Popular

වෙනත් පුවත්

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...