පැරදවිය නොහැකි ඒ වදන් පෙළ

ඒ මහා සංග්‍රාම කාලයේ
ඉතාලියේ සන්කාර්ලෝ හි බන්ධනාගාර සිර මැදිරියක්
සිරගත වූ බොහෝ සෙබළුන්, බේබද්දන් සහ සොරුන්ගෙන් පිරී තිබුණි
ඒ අතුරින් එක් සමාජවාදී සෙබලෙක්, නොමැකෙන පැන්සලකින්, සෙල්එකේ බිත්තිය මත
කුරුටු ගෑවා මෙලෙස.
ලෙනින් දිගුකල් දිනේවා!

බිත්තියේ ඉහළට වන්නට, ලොකු අකුරෙන් ලියූ ඒ වැකිය,
සිර කුටියේ අඩ අඳුරින් දැකිය හැක්කේත් ඉතා යන්තමින්
එදුටු මුරකාරයෝ වහා වහා පින්තාරුකරුවෙක් එව්වා හුනු බාල්දියක් සමග සිර මැදිරියට
කෙඳි දිග බුරුසුවකින් ඔහු හුනු අතුල්ලා මකා දැමුවා ඒ තර්ජනාත්මක වදන් පෙළ
කෙසේ වෙතත්, ඔහුගේ බුරුසු පහර ඒ අකුරු මත එහෙමෙහේ ගියා පමණයි
දැන් සිර කුටියේ ඉස්මත්තට වෙන්න, චෝක් වලින් කලින් අකුරුම
ලෙනින් දිගුකල් දිනේවා!

ඊළගට,
තවත් පින්තාරුකරුවෙක් පැමිණ මහත බුරුසු පහර වලින් සම්පුර්ණ බිත්තියම වසා දැමුවා
එබැවින්, පැය ගණනක් යන තුරු ඒ අකුරු තීන්ත තුළ නොපෙනී ගියා
නමුත්, අලුයම උදා වෙත්ම හුනු පහරවල් වියළි ගොස් යටගිය අකුරු මතු උනා.
ලෙනින් දිගුකල් දිනේවා!

ඉන්පසු සිරපල්ලා ගෙවල් බඳින්නෙකු ගෙන්වා ගල් කටුවකින් ඒ අකුරු හූරා දමන්නට අණකළා
පැයක් පමණ අකුරෙන් අකුර ඔහු හූරා දැමුවා
ඔහුගේ වැඩය අවසන් වූ විට,
පැහැයක් නොමැතිව, නමුත් වෙන කිසිඳු මොහොතකට වඩා ගැඹුරින්,
බිත්තිය ඉස්මත්තේ ඒ පැරදවිය නොහැකි අකුරු පෙළ නැවත දිස් වුවා
ලෙනින් දිගුකල් දිනේවා!
සෙබලා කිවා, දැන් පෙරළපල්ලා මේ බිත්තිය!

බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්

බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් ලෙනින්ට ලියූ The Unconquerable Inscription හි සිංහල පරිවර්තනය කල්ප රාජපක්ෂ

Share post:

Popular

වෙනත් පුවත්

ආර්ථිකය හොඳයි කිව්වට දරිද්‍රතාවය දෙගුණ වෙලා – ලෝක බැංකුව

ශ්‍රී ලංකා ආර්ථිකය සැලකිය යුතු සන්ධිස්ථානයක් ස්පර්ශ කරමින් අර්බුදයට...

‘නිර්ප්‍රභූ’ ආණ්ඩුව ප්‍රභූ අධිපත්‍යට ඉඩදෙන අලුත් විදිහක් ගැන පුබුදු කියයි

මේ ආණ්ඩුව නිර්ප්‍රභූ බව පැවසුවද පුනර්ජනනීය විදුලි බල ජනනයෙන්...

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...