පාර්ලිමේන්තු අමුත්තන්ගේ භෝජනාගාරය හෙට සිට දන්සලක් බවට පත්වෙයි

මන්ත්‍රීවරුන්ගේ පවුල්වල සාමාජිකයන්ට මන්ත්‍රී අමුත්තන්ගේ භෝජනාගාරය අනිද්දා (1) සිට විවෘත කර තබන ලෙස පාර්ලිමේන්තු ප්‍රධානීන් එහි භෝජනාගාර අංශයට උපදෙස්දී ඇත.

මන්ත්‍රීවරුන්ගේ පවුල්වල සාමාජිකයන්ට පාර්ලිමේන්තුව දැක බලා ගැනීම සඳහා අනිද්දා(1)සිට අවසර ලබා දෙන අතර මන්ත්‍රී අමුත්තන්ගේ භෝජනාගාරය මෙසේ විවෘත කෙරෙන්නේ ඒ අනුවය.

කෙසේ වෙතත් මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට මෙසේ කැඳවාගෙන එන සිය පවුල්වල සාමාජිකයන් කොවිඩ් එන්නත් මාත්‍රා තුනම ලබාගත් බවට සහතිකය ඉදිරිපත් කිරීම අත්‍යවශ්‍ය වේ.

කොවිඩ් පැතිරීම ආරම්භවීමත් සමග පාර්ලිමේන්තු සංකීර්ණයට පිටස්තරින් අමුත්තන් හෝ පුද්ගලයන් පැමිණීම සම්පූර්ණයෙන්ම තහනම් කෙරිණ.

පාර්ලිමේන්තුවට අලුතින් පත්වූ මන්ත්‍රීවරුන් රැසක් සිය පවුල්වල සාමාජිකයන්ට පාර්ලිමේන්තුව දැක බලා ගැනීම සඳහා අවස්ථාව ලබාදෙන්නැයි පාර්ලිමේන්තු ප්‍රධානීන්ගෙන් පසුගිය කාලයේදී ඉල්ලීම් ඉදිරිපත් කර තිබිණ. මේ අවස්ථාව සලසාදී ඇත්තේ එම ඉල්ලීම සලකා බැලීමෙන් අනතුරුව යැයි පාර්ලිමේන්තු ප්‍රධානියෙක් මාධ්‍යට පවසා ඇත.

මේ අතර පාර්ලිමේන්තුවේ අමුත්තන්ගේ සහ මහජන ගැලරිද ඉදිරියේදී ඉතා සීමිත පිරිසක් සඳහා විවෘත කිරීමට අවධානය යොමුවී ඇතැයි වේත්‍රධාරී නරේන්ද්‍ර පවසා ඇත.

කෙසේවෙතත් රටේ ජනතාව අත්‍යවශ්‍ය ආහාර ද්‍රවය පවා ලබාගැනීමේ දුෂ්කරතාවයකට මුහුණ දී ඇති මෙවැනි මොහොතක පාර්ලිමේන්තුව විසින් මෙවැනි අනවශ්‍ය වියදම් සිදුකරන්නේ ඇයිද යන්න පිළිබඳ බොහෝදෙනෙක් විමතිය පළකරයි.

Share post:

Popular

වෙනත් පුවත්

” නිකිණි පුරහඳ” – ගයාන් අබේගුනවර්ධනගේ කුළුඳුල් කාව්‍ය නිර්මාණ එළිදැක්වීම

ගයාන් අබේගුනවර්ධන විසින් රචිත " නිකිණි පුරහඳ" කාව්‍ය කෘතිය...

පැරණි ත්‍රස්ත පනත වෙනුවට නව ත්‍රස්ත පනත ඉදිරියට

ශ්‍රී ලංකාවේ දශක හතරකට වැඩි කාලයක් ක්‍රියාත්මක වූ ත්‍රස්තවාදය...

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ 15 දෙනෙකුට වසර 200 සිට 260 දක්වා සිර දඬුවම්

2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල...

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමේ පදනම – සාවිත්‍රි ගුණසේකර

අධිකරණයේ ස්වාධීනත්වය රැකීම, ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය සහ විධායක ජනාධිපති ක්‍රමය...