Breaking News

කාබනික පොහොර ගැන කියා දෙන්න යුද හමුදාව යොදවනවා – ජනාධිපති කියයි

කඩිකුලප්පුවෙන් ක්‍රියාත්මක කිරීමට ගිය පොහොර ප්‍රතිපත්තිය ගොවි විරෝධය මත අකුලාගෙන තිබියදී කාබනික පොහොර යොදන ආකාරය ගැන ජනතාවට තේරුම් කර දීමට ඉදිරි යල කන්නයේදී යුද හමුදාව යොදවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසා ඇත.

ජනාධිපතිවරයා මෙසේ පැවසූවේ මොනරාගල සියඹලාණ්ඩුව ප්‍රදේශයේදී ගොවීන් පිරිසක් හමුවූ අවස්ථාවේදීය.

කාබනික පොහොර වලින් අස්වැන්න අඩු වෙන්නෙ නැති බව ද ජනාධිපතිවරයා මෙහිදී පවසා ඇත.

පසුගිය වසරේ ජූනි මසදී හදිසියේම කෘෂි රසායන තහනමක් ප්‍රකාශයට පත් කරමින් මාස කිහිපයක් ගොවි ජනතාව මහත් දුෂ්කරතාවට ඇද දමා ඉදිරි කාලයේ රට ආහාර හිගයකට යා හැකි අවදානමක හෙළීම ගැන ආණ්ඩුව චෝදනාවට ලක්ව ඇත. මේ වනවිට ද එළවලු සහ සහල් මිල අහස උසට නැග ඇත. ඉදිරියේදී ඇතිවිය හැකි සහල් හිඟයක් ගැන බිය පලවෙමින් තිබේ. කාබනික කෘෂිකර්මාන්තයට දවසකින් යා නොහැකි වැඩපිළිවෙලක් බව නොතකු ආණ්ඩුව පසුගිය මාස කිහිපයේම බොරු ඇද බාමින් සිට ගොවීන්ගේ විරෝධය හමුවේ පසුබා යන ලදී. එහෙත් ජනාධිපතිවරයා තවමත් එය පිළිගෙන නැති බව මෙම ප්‍රකාශ හරහා පැහැදිලිවේ.

අනිත් අතින් හැමදේටම හමුදාව යොදාගැනීම ගැන කතා කරන ජනාධිපතිවරයාට සහල් මිලදී ගැනීම සඳහා හමුදාව යොදන බව පම්පෝරි ගසමින් සිට සහල් මාෆියාව ඉදිරියේ දන ගැසූ ආකාරය අමතක වී ඇති සැටියකි.

 

 

leave a reply