කාබනික පොහොර ගැන කියා දෙන්න යුද හමුදාව යොදවනවා – ජනාධිපති කියයි

කඩිකුලප්පුවෙන් ක්‍රියාත්මක කිරීමට ගිය පොහොර ප්‍රතිපත්තිය ගොවි විරෝධය මත අකුලාගෙන තිබියදී කාබනික පොහොර යොදන ආකාරය ගැන ජනතාවට තේරුම් කර දීමට ඉදිරි යල කන්නයේදී යුද හමුදාව යොදවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසා ඇත.

ජනාධිපතිවරයා මෙසේ පැවසූවේ මොනරාගල සියඹලාණ්ඩුව ප්‍රදේශයේදී ගොවීන් පිරිසක් හමුවූ අවස්ථාවේදීය.

කාබනික පොහොර වලින් අස්වැන්න අඩු වෙන්නෙ නැති බව ද ජනාධිපතිවරයා මෙහිදී පවසා ඇත.

පසුගිය වසරේ ජූනි මසදී හදිසියේම කෘෂි රසායන තහනමක් ප්‍රකාශයට පත් කරමින් මාස කිහිපයක් ගොවි ජනතාව මහත් දුෂ්කරතාවට ඇද දමා ඉදිරි කාලයේ රට ආහාර හිගයකට යා හැකි අවදානමක හෙළීම ගැන ආණ්ඩුව චෝදනාවට ලක්ව ඇත. මේ වනවිට ද එළවලු සහ සහල් මිල අහස උසට නැග ඇත. ඉදිරියේදී ඇතිවිය හැකි සහල් හිඟයක් ගැන බිය පලවෙමින් තිබේ. කාබනික කෘෂිකර්මාන්තයට දවසකින් යා නොහැකි වැඩපිළිවෙලක් බව නොතකු ආණ්ඩුව පසුගිය මාස කිහිපයේම බොරු ඇද බාමින් සිට ගොවීන්ගේ විරෝධය හමුවේ පසුබා යන ලදී. එහෙත් ජනාධිපතිවරයා තවමත් එය පිළිගෙන නැති බව මෙම ප්‍රකාශ හරහා පැහැදිලිවේ.

අනිත් අතින් හැමදේටම හමුදාව යොදාගැනීම ගැන කතා කරන ජනාධිපතිවරයාට සහල් මිලදී ගැනීම සඳහා හමුදාව යොදන බව පම්පෝරි ගසමින් සිට සහල් මාෆියාව ඉදිරියේ දන ගැසූ ආකාරය අමතක වී ඇති සැටියකි.

 

 

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...