දුමින්ද නාගමුවට ඇප ලබාදෙයි !

අද(4) සවස අත්අඩංගුවට ගත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුවට කඩුවෙල දිසා අධිකරණයෙන් ඇප ලබාදී තිබේ.

අද බොරැල්ල, කොටා පාරේ එන්.එම්. පෙරේරා ‌කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුව අවසන්ව පිටව ගිය අතරමග පොලිසිය විසින් මෙසේ අත්අඩංගුවට ගෙන තිබුණි.

ඉන්පසුව ඔහු පොලිසිය විසින් ඔහු කඩුවෙල අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර එහිදී ඇප හිමිව ඇත.

සිසුජන ව්‍යාපාරයේ විරෝධතාවකදී නීතියේ කන්‍යාව දැක්වෙන කාටුනයක් භාවිත කිරීම හේතුවෙන් අධිකරණයට අපහාසයක් සිදුව ඇති බවට කරුණු දක්වමින් කඩුවෙල පොලිසිය කළ ඉල්ලීමකට අනුව දුමින්ද නාගමුව ඇතුලු පිරිසක් අත්අඩංගුවට ගන්නා ලෙස වරෙන්තුවක් නිකුත් කර තිබිණි.

Share post:

Popular

වෙනත් පුවත්

IMF එකෙන් ඉවත්වීම ගැන ආණ්ඩුවේ බොරු මරිසි

2027 දී ශ්‍රී ලංකාව වත්මන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF)...

ගෝඨාභය රාජපක්ෂගේ දෛවයේ දවස

ගෝඨාභය රාජපක්ෂට අද දෛවයේ දවසක් යැයි මට සිතෙන්නේ හේතු...

ලලිත් කූගන් අතුරුදහන් කිරීම ගැන ගෝඨා සාක්ෂි දීමට කොළඹ අධිකරණයට

දේශපාලන සහ මානව හිමිකම් ක්‍රියාකාරිකයන් වූ ලලිත් කුමාර් වීරරාජ්...

රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්

රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...