අහිංසකයකු දුක්විඳින්නේ ඔබ පාපතරයකු නිසාද?

ගල්ගමුව හෙට්ටිගම දිවුල්ගනෙ කදුරුවැව ආදි ගම්මාන වල දින කිපයක නිරාහාරව ඇවිදිමින් සිටි මෙම හක්කපටස් නිසා මුඛය සම්පුර්ණයෙන්ම විනාශ වු වයස අවුරුදු 3 පමන වු අලි පැටවෙක් 2021 ජුලි 21 වනදා ගල්ගමුව වනජීවි නිලදාරින් සොයාගෙන නිකවැරටිය වනජීවී පශූවෛද්‍ය කණ්ඩායම පැමිණ ජිවිතය රැක දිමට උත්සහ කළා .

අලි මිනිස් ගැටුමේ වරද කරුවන් කවුරු වුණත් ඉන් පීඩාවට පත් වන්නේ මුහුණට මුහුණ හමුවන මේ දෙපාර්ශවය. පීඩාවට පත් මිනිසුන් සහ තමන්ගේ නිජබිම මිනිසුන් නිසා අහිමි වෙච්ච මේ සතුන්.මේ දෙපාර්ශ්වයම තමන්ගේ අවශ්‍යතාවය වෙනුවෙන් අනෙකා පසමිතුරා කරගෙන නැගී සිටින්නට, තමන්ගේ අණසක පතුරුවා ලන්නට, උත්සාහ දරනවා. එහිදී සිදුවන මේ ඛේදවාචකය නිරාකරණය කරන්නට සතාට නොහැකි වුනත් මිනිසුන්ට පුළුවන්කම තියෙනවා. මේ අලි ඇතුන් පිළිබඳව හ ඔවුන් ජීවත් වන ප්‍රදේශ පිළිබඳව වැටහීමක් ඇති මිනිසුන්ට ඔවුන්ගේ භූමිය ඔවුන්ට අහිමි නොකර තමන්ගේ බලාපොරොත්තු සඵල කර ගැනීමට අවස්ථාව සහ හැකියාව තිබුණත් මේ අධම දුෂ්ට දේශපාලන ක්‍රමය විසින් මේ දෙපාර්ශ්වයම එකිනෙකාට පස මිතුරන් කර තිබෙන්නේ දේශපාලන උවමනාවන් වෙනුවෙන්. මෙය හරි හැටි තේරුම් නොගන්නා තාක් කල් තමන්ට සම්මුඛ වන අලියාව පස මිතුරෙක් ලෙස සලකා හක්ක පටස් තැබීම හෙට දවසේත් සිදුවෙනවා. මදක් කල්පනා කර බලන්න අලි ඇතුන් ඔබගේ නිවසට ඔබේ භූමිය මංකොල්ල කන්න ආවා නොවෙයි ඔබ ඔවුන්ගේ නිජබිම බලහත්කාරයෙන් පැහැර ගත්තා. ඔබ මේ අවනඩුව විසඳ ගන්න ප්‍රචණ්ඩත්වයෙන් නොවෙයි. ඔබේ ඇඟිල්ල අලියාගෙන් ඉවතට ගෙන ඔබ අලියාට තියන හක්ක පටස් එක ඒ සතාට නො තියා ව්‍යසනය නිර්මාණය කල දේශපාලනයට ඇඟිල්ල දිගු කරන ගමන් ඔය හක්ක පටස් එක ඒ මජර දේශපාලකයාගේ කටට දමා තද කරන්න.

ඔබ බලන්න ඔබ එය  තේරුම් නොගත් නිසා මේ සතා මොන තරම් වේදනාවක් දුකක් විඳිනවාද කියා.

Share post:

Popular

වෙනත් පුවත්

ශ්‍රී ලංකාවට මුහුණු වර දෙකකි . විදේශීය අමුත්තන් විසින්...

පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය

ජාතික පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් ලිංගිකව එක්වන, රති...

ප්‍රංශ අරගල හේතුවෙන් Louvre – Picasso – d’Orsey තාවකාලිකව වසා දමයි 

ඔක්තෝබර් 24 වැනිදා පැවැත්වීමට නියමිත උද්ඝෝෂණ ව්‍යාපාරය හේතු කරගෙන...

‘තෝරෛ’ නවකතාව ගැන ආරක්ෂක අමාත්‍යාංශයේ අවසරය ඉල්ලයි!

තම්ල් ලේඛක ප්‍රදීප් ගුණරත්නම් ගේ 'තෝරෛ' නවකතාවේ යොදා ඇති...