Breaking News

වාමාංශික ගුරු සංගමි නායකයා පේරු හි ඡානාධිපති වෙයි

උපාලි ජයසිංහ

පේරු හි දුප්පත්, දුර බැහැර ප්‍රදේශයක් වන සැන් ලුයිස් ද පූනා හි උපත ලැබු, තම පුතා විශේෂ බව ඇය තේරුම් ගත් මොහොතේම ඔහු ජීවිතයේ බොහෝ දුර යන්නට යන බව ඩෝනා මාවිලා ටෙරෝන්ස් දැන් සිහිපත් කරයි. “නමුත් මම හිතුවේ නැහැ ඔහු මෙතරම් ඉහළට එයි කියලා! මොකද අපි පේරුවල ගොවීන් පමණයි .

එබැවින් 2021 පෙරුහි ඡනාධිපතිවරනයට පේරූ නිදහස් වාමාංශික පක්ෂයේ අපේක්ෂකයා ලෙස මැතිවරණයට ඉදිරිපත්වු තම පුත්‍රයා වෙනුවෙන් . කෝවිඩ් -19 එන්නත ලබා දුන් සැණින්, කැස්ටිලෝගේ දෙමව්පියන් අඳුරු තෙත් පල්ලියක් තුළ යාච්ඤා කිරීමට ගියෝය.. මක්නිසාද තම පුත්‍රයාගේ ප්‍රතිවාදිනිය බලවත්ය. ඇය පේරුහි 1990 ජුලි 28 සිට 2000 නොවැම්බර් 22 වනතෙක් ඒකාධිපතියෙකු ලෙස පිරු රාඡ්‍යය පාලනය කල ඇල්බර්ටෝ ෆුජිමෝරිගේ දියණිය කීකෝ ෆුජිමෝරිය. පේරු හි ඔවුහු ධනවත්ය. බලවත්ය.ප්‍රභූ පැලැන්තියේය. තම පුතා නිකන්ම නිකන් ගොවි පවුලක වාමාංහික ගුරු වෘත්තිකයෙකි.

එහෙත් පේරූ ඡනතාව තවදුරටත් ධනය, බලය හා ප්‍රභූත්වය මායිමි නොකරන බව පවසන්නාක් මෙන් 2021 ඡුනි 16 පේරැ මැතිවරන කාර්යාලය වලංගු ඡන්ද වලින් 50.13% ක් ලබාගෙන ගුරු සංගමි නායක පෙද්රෝ කැස්ටිලෝ . [Pedro Castillo] ඡනාධිපතිවරනනයේ ඉදිරියෙන්ම සිටින බව පැවසිය. පෙද්රෝ කැසිටිලෝගේ ඡනාධිපති සටනේ ප්‍රධාන සටන් පාඨය වුයේ ‘‘“ධනවත් රටක දුප්පතුන් තවදුරටත් සිටිය නොහැක.‘‘යන්නයි එහෙත් ඔහුගේ විරුද්ධවාදිනිය කීකෝ ෆුඡිමරි පවසා සිටියේ ඔහු මැතිවරන වංචාවක් කල බවයි..ප්‍රතිවාදියා වන වාමාංශික වෘත්තීය සමිති නායක පෙඩ්‍රෝ කැස්ටිලෝ ඡන්ද 40,000 කට වඩා වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලබාගෙන මැතිවරණය ඡයග්‍රහනය කලත් ඡන්ද විමසීම් අවසන් වී මාසයක් ගතවී ඇතත් මැතිවරන කාර්යාලය ජයග්‍රාහකයෙකු ප්‍රකාශයට පත් කලේ නැත. ඔවුහු ඒ වෙනුවට ඡාත්‍යන්තර නිරික්ෂනයක් පැවත්විය. එය කොතෙක් ඡනතාව වික්ෂිප්ත කලේද යත් ලෝකය සහ පේරු ඡනතාව රටේ සුප්‍රසිද්ධ බුද්ධිමතෙකු ලෙස සලකන නොබෙල් ත්‍යාගලාභී කතුවරයා සහ හිටපු ජනාධිපති අපේක්ෂක මාරියෝ වර්ගාස් ලොසා පවසා ඇත්තේ ෆුජිමෝරි මහත්මියගේ උත්සාහයට තමා සහාය දෙන බවයි. මන්ද කැස්ටිලෝ මහතාගේ ජයග්‍රහණය “ව්‍යසනයක්” වනු ඇති බවයි.

අති විශිෂ්ට නිර්මානකරුවාගේ මතය පරාඡය කරමින් අන්තර් ඡාතික මැතිවරන නිරික්ෂයන් කැස්ටිලෝගේ ඡයග්‍රහණය කිසිදු වංචාවකින් තොර බවට ගිය සතියේ සහතික කලෝය. එම සංවිධාන අතර යුරෝපා සංගමි නිර‍ික්ෂකයන් .අන්තර්-ඇමරිකානු මැතිවරණ සංවිධාන සංගමය, සහ ඇමරිකානු රාජ්‍ය සංවිධානය ද විය. ඒ අතරම පුළුල් වංචා පිළිබඳ කිසිදු සිද්ධියක් ජාත්‍යන්තරය විසින් ප්‍රතික්ෂේප කරන අතරම මැතිවරණවල නිරවද්‍යතාව වර්ණනා කරත්.

ඒ අනුව පේරූ මැතිවරන ඡුරි සබාව 2021 ඡනාධිපතිවරණයෙන් පෙද්රෝ කැස්ටිලෝ ඡයග්‍රහණය කර ඇති බව නිවෙිදනයක් නිතුත් කර ඇත. එළඹෙන ඡුලි 28 ගුරු සංගමි නායක. සහ ඈත ගමිමානයක දුප්පත් ගොවි මවකගේ හා පියෙකුගේ දරුවා වන පෙද්රෝ කැස්ටිලෝ ඉදිරි වසර 05 සදහා පේරු ඡනතාවට නායකත්වය දෙනු ඇත.
නව ප්‍රතිපලයෙන් පසු හේ සිය ඡනාධිපති වැටුප ප්‍රතික්සේප කරමින් මෙසේ කියා තිබිනි ‘‘” ගුරුවරයෙකුගේ වැටුපෙන් රටේ ඉරණම මෙහෙයවන බව මම , මගේ භූමියට සහතික වෙමි.‘‘

leave a reply