වරාය නගර හැදුවා, නැව් ගිනිගත්තා. මෙහෙම ගියොත් අපිට ඉතුරුවෙන්නෙ මාළු නැති මළ මුහුදක් – ධීවරයෝ පවසයි

EX press pearl නෞකාවේ ගැටලුව සමඟ ඇතිව තිබෙන පරිසර ගැටලු හා ධීවර ප්‍රජාව මුහුණ දෙන ගැටලු සම්බන්ධ ධීවර ප්‍රජාව, ධීවර සංවිධාන හා YOUTH FOR CHEnge අද(22) ඒකාබද්ද මාධ්‍ය හමුවවක් පවත්වා තිබේ.

එහිදී අදහස් දැක්වූ ධීවරයන් ප්‍රකාශ කළේ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගැනීමෙන් පසු තමන්ගේ ජිවනෝපාය අහිමිවීම සහ තමන්ගේ දැල් ආම්පන්න විනාශවීම සම්බන්ධයෙන් මෙතෙක් විසඳුමක් ලබාදී නොමැති බව ධීවරයන් පවසයි.

එසේම ධීවරයන් සඳහන් කරන්නේ වරාය නගරය සඳහා වැලි ලබාගත් ප්‍රදේශය සහ එක්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගත් ප්‍රදේශය වැඩියෙන්ම මාළු ගැවසෙන මාළු පෝෂක ප්‍රදේශයක් වූ බැවින් ඉදිරියේදී මාළු ගහනයට එය බලපාන බැවින් ඉදිරියේදී මාළුන්ගෙන් තොර මල මුහුදක් ඉතුරු වේවිද යන බිය පවතින බවයි.

එසේම වරාය නගරය හරහා සිදුවූ මළු අස්වැන්න අඩුවීමේ හානිය ගණනය කළහොත් රජය විසින් ධීවරයන්ට මාස්පතා වන්දි ගෙවිය යුතු බවද ඔවුන් පවසයි.

Share post:

Popular

වෙනත් පුවත්

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...