පාපන්දු තරු රොනාල්ඩෝ අනුගමනය කරමින් මාධ්‍ය හමුවලදී අනුග්‍රාහක නිෂ්පාදන ප්‍රතික්ෂේප කරයි

Date:

ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ විසින් යුරෝපා පාපන්දු ශුරතාවලිය පිළිබඳ මාධ්‍ය හමුවේදී එහි මේසය මත තිබූ කොකා කෝලා බෝතල් ඉවත් කිරීමෙන් පසු එම තරඟාවලිය සඳහා සම්බන්ධ වූ ක්‍රීඩකයන් කිහිපදෙනෙක්ම තම මේස මත තිබූ අනුග්‍රාහකයන්ගේ නිෂ්පාදන ඉවත් කිරීම පිළිබඳ මුළු ලෝකයේම අවධානය යොමුවී තිබේ.

එහි අලුත්ම සිදුවීම වාර්තා වන්නේ ප්‍රංශ පාපන්දු තරුවක් වන පෝල් පොග්බා මාධ්‍ය හමුව අවස්ථාවේ Heineken බියර් බෝතලයක් ඉවත්කිරීමයි.
කිසිදු හේතු දැක්වීමකින් තොරව පොග්බා මේසය මත තිබූ බියර් බෝතලය බිමින් තබනු දැකිය හැකිවිය. මෙම සිදුවීම වාර්තා වූවේ එදින යුරෝ 2020 තරඟාවලියේ ප්‍රංශය සහ ජර්මනිය අතර පවති තරඟයෙන් ප්‍රංශය ජය ලබා පෝල් පොග්බා තරඟයේ තරුව නමැති කුසලානය දිනාගැනීමෙන් අනතුරුවයි. කොකා කෝලා සමාගම මෙන්ම Heineken බියර් සමාගමත් යුරෝ පාපන්දු තරඟාවලිය සඳහා අනුග්‍රහය දක්වන සමාගමකි.

මීට අමතරව ඊයේ ඉතාලි ක්‍රීඩකයෙකු වූ මැනුවෙල් ලොකටැලී ද යුරෝ 2020 මාධ්‍ය හමුවක පැවති අවස්ථාවේ කොකා කෝලා බෝතල් පසෙකින් තබා වතුර බෝතලයක් ඉදිරියෙන් තබනු මාධ්‍ය වාර්තා කර තිබේ. ඉතාලිය සහ ස්විස්ටර්ලන්තය අතර පැවති තරඟයෙන් ඉතාලිය ජය ලැබීමට අමතරව මැනුවෙල් ලොකටැලී තරඟයේ වීරයා සම්මානයද දිනාගෙන තිබුණි.

ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ විසින් යුරෝපා පාපන්දු ශුරතාවලිය පිළිබඳ මාධ්‍ය හමුවේදී එහි මේසය මත තිබූ කොකා කෝලා බෝතල් ඉවත් කිරීමෙන් පසු ඇමරිකානු කොකාකෝලා කොටස් මිල ඩොලර් බිලියන 4 කින් පහත වැටී තිබුණි.

සෞඛ්‍ය සම්බන්ධයෙන් ඉතා සැළකිලිමත් ක්‍රීඩකයෙක් ලෙස 36 හැවිරිදි රොනල්ඩෝ කාබනේටඩ් බීම වර්ග ප්‍රතික්ෂේප කරන්නෙක් ලෙස ප්‍රසිද්ධිය උසුලන්නෙකි. එක් අවස්ථාවක සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් තම පුත්‍රයා ගැන සඳහන් කරමින් ඔහු කියා සිටියේ ඔහු කොකා කෝලා සහ ෆැන්ටා වැනි බීම වර්ග පාවිච්චි කිරීම ගැන විරෝධය දක්වන බවයි.

පසුගිය සඳුදා හංගේරියාවේ බුඩාපෙස්ට් හි පැවති මාධ්‍ය හමුවේදී පෘතුගාල පාපන්දු කණ්ඩායමේ නායකයා තමා ඉදිරිපිට කොකාකෝලා සිසිල් බීම බෝතල් දෙකක් දුටු විට ඒවා කැමරා රාමුවෙන් ඉවතින් තබා ඒ වෙනුවට මේසය මත වූ වතුර බෝතලයක් ගෙන පෘතුගීසි භාෂාවෙන් “ජලය!” යැයි පවසා ඇත.

කොකා කෝලා සමාගම යුරෝ 2020 පාපන්දු තරඟාවලියේ නිල අනුග්‍රාහකයෙකි. කෙසේවෙතත් රොනාල්ඩෝගේ ක්‍රියාවෙන් මොහොතකින් කොකා කෝලා සමාගමේ කොටස් මිල ඩොලර් 56.10 සිට ඩොලර් 55.22 දක්වා පහත වැටි ඇත. ඒ හේතුව නිසා කොකාකෝලා ව්‍යාපාරයේ වෙළඳපල වටිනාකම ඩොලර් බිලියන 242 සිට ඩොලර් බිලියන 238 දක්වා ඩොලර් බිලියන 4 ක පහත වැටීමක් සිදුව ඇත.

කෙසේවෙතත් ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ මෙන්ම යුරෝ පාපන්දු තරඟාවලියේ කැපී පෙනෙන ක්‍රීඩා තරු මෙම තරඟාවලියට අනුග්‍රහය දක්වන සමාගම්වල නිෂ්පාදන ප්‍රතික්ෂේප කිරීමක් ලෙස බොහෝ මාධ්‍ය විසින් මෙය හඳුන්වා තිබේ.

 

 

 

 

Share post:

Popular

More like this
Related

දූෂණ විරෝධී පනතට ගෙන ආ නව සංශෝධන ජනතා ජයග්‍රහණ ආපසු හැරවීමක්

අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා,2026.08.24ජනාධිපති කාර්යාලය,කොළඹ 01. ගරු ජනාධිපතිතුමනි, දූෂණ...

පල්ලෙගම ගැන සාක්ෂි ලැබුනත් විශේෂ සැළකිලිවල වෙනසක් නැහැ

විනිසුරුවරයාට අධිකරණ භූමියට ඇතුල් වීමට ඇති ගේට්ටුවෙන් හිටපු අටමස්ථානාධිපති...

සිංහබාහු සර්වකාලීන නාට්‍යයක් – ලලිතා සරච්චන්ද්‍ර කියයි

මහාචාර්ය එදීරිවීර සරච්චන්ද්‍රගේ 30 වන ගුණාස්මරණය පසුගිය අගෝස්තු 16දා...

නන්දා මාලනියගේ දේහයේ අවසන් කටයුතු සෙනසුරාදා 

ප්‍රවීණ ගායන ශිල්පිනී ආචාර්ය විශාරද නන්දා මාලනී මහත්මියගේ අභාවය...