Breaking News

ගිනිගත් නෞකාවෙන් අපද්‍රවය ටොන් 1000ක් වෙරළට එකතු වෙලා

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීම සහ මුහුදුබත් වීමෙන් පසු සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය විසන් දැනට සිදු කරමින් පවතින වෙරළ පිරිසිදු කිරීමේ දී සුන්බුන් ටොන් 1,000 කට අධික ප්‍රමාණයක් එකතු කර ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකාවේ වයඹ සිට දකුණු වෙරළ තීරයේ සිට කිලෝමීටර් 200 ක් පමණ ප්‍රදේශයක් ආවරණය වෙන පරිදි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය විසින් කරන ලද පිරිසිදු කිරීමේ කටයුතු මගින් එකතු කරන ලද ප්ලාස්ටික් අපද්‍රවය සහ අනතුරුදායක අපද්‍රවය බහාලුම් 44 ක ආරක්ෂිතව ගබඩා කර ඇති ඇති බව
එම අධිකාරිය පවසයි.

මෙතෙක් එක්රැස්කරගෙන ඇති සුන්බුන් සහ අපද්‍රවය බැහැර කරන්නේ කෙසේද යන්න ගැන මධ්‍යම පරිසර අධිකාරිය (CEA) සමඟ කටයුතු කිරීමට නියමිත බවද සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසා ඇත.

 

leave a reply