ගිනිගත් නෞකාවෙන් අපද්‍රවය ටොන් 1000ක් වෙරළට එකතු වෙලා

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීම සහ මුහුදුබත් වීමෙන් පසු සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය විසන් දැනට සිදු කරමින් පවතින වෙරළ පිරිසිදු කිරීමේ දී සුන්බුන් ටොන් 1,000 කට අධික ප්‍රමාණයක් එකතු කර ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකාවේ වයඹ සිට දකුණු වෙරළ තීරයේ සිට කිලෝමීටර් 200 ක් පමණ ප්‍රදේශයක් ආවරණය වෙන පරිදි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය විසින් කරන ලද පිරිසිදු කිරීමේ කටයුතු මගින් එකතු කරන ලද ප්ලාස්ටික් අපද්‍රවය සහ අනතුරුදායක අපද්‍රවය බහාලුම් 44 ක ආරක්ෂිතව ගබඩා කර ඇති ඇති බව
එම අධිකාරිය පවසයි.

මෙතෙක් එක්රැස්කරගෙන ඇති සුන්බුන් සහ අපද්‍රවය බැහැර කරන්නේ කෙසේද යන්න ගැන මධ්‍යම පරිසර අධිකාරිය (CEA) සමඟ කටයුතු කිරීමට නියමිත බවද සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසා ඇත.

 

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...