පනත සංශෝධනය කරලා ඛණිජ තෙල් සංස්ථාවට වැඩේ දෙන්න හදන්නෙ – දුමින්ද නාගමුව

Date:

ඛණිජ තෙල් සංස්ථාවේ තෙල් පිරිපහදු ක්‍රියාවලිය යාවත්කාලීන කරන මුවාවෙන් ඛණිජ තෙල් පනත සංශෝධනය කර ආයෝජකයන්ට තෙල් සම්බන්ධ ක්‍රියාවලියට මැදිහත්වීමට පවතින සීමා ඉවත් කිරීමට සැරසෙන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව පවසයි. ඔහු පවසන්නේ මේ පනත් සංශෝධනය හරහා ඛණිජ තෙල් සංස්ථාව විනාශ කිරීමට බවයි.

දුමින්ද නාගමුව වැඩිදුරටත් පැවසුවේ,

“වර්තමාන ආණ්ඩුව සියල්ල අකර්මණ්‍ය කරලා විරෝධයක් ගේන්න තියෙන අවස්ථා අහිමි කරලා ආණ්ඩුව හැටට හැටේ පනත් සම්මත කරමින් අලුත් තීරණ ගනිමින් ක්‍රියාවලියක් යනවා. එයට අලුතින්ම ඇවිල්ල තියෙන සාකච්ඡාව තමයි ඛණිජ තෙල් සංස්ථා පනත සංශෝධනය කිරීම සඳහා ඇවිල්ලා තියෙන යෝජනාව. පිටරට සිට පැමිණෙන විදේශ ආයෝජකයෙකුට තෙල් සම්බන්ධ ක්‍රියාවලියට මැදිහත්විමේදී සීමා තියෙනවා. මෙන්න මේ සීමාව සංශෝධනය කරන්න කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් වෙලා තියෙන්නෙ. ලංකාවේ තෙල් පිරිපහදු කිරීම යාවත්කාලීන කරන ක්‍රියාවලියක් අවශ්‍යයි. හැබැයි ඒ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ මුවාවෙන් ඛණිජ තෙල් සංස්ථාව සතුව තියෙන මේ වෙළඳපොළ විනාස කරනන් හදන්නෙ. ඛණිජ තෙල් සංස්ථාවේ මල බෙරය තමයි මේ වයන්න හදන්නේ. මේ BOT ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තට පස්සෙ මොකක් හරි ඉතුරුවෙලා තියෙනවනම් ඒ අයිතිය වෘත්තීය සමිතිවලට කම්කරුවන්ට නැතිවෙනවා. දේශප්‍රේමය සළුපිලි පොරවාගෙන ඉන්න මේ පාලකයන්ට මේ විනාශය කරන්න දෙන්න එපා. රටේ අස්සක් මුල්ලක් නෑර හැම සම්පතක්ම විනාශ කරන තැනකට මේ ආණ්ඩුව ඇවිත් තියෙනවා. ඛණිජ තෙල් සංස්ථාවට මෙන්න වැඩේ දෙන්න යනවා.”

Share post:

Popular

More like this
Related

සිංහබාහු සර්වකාලීන නාට්‍යයක් – ලලිතා සරච්චන්ද්‍ර කියයි

මහාචාර්ය එදීරිවීර සරච්චන්ද්‍රගේ 30 වන ගුණාස්මරණය පසුගිය අගෝස්තු 16දා...

නන්දා මාලනියගේ දේහයේ අවසන් කටයුතු සෙනසුරාදා 

ප්‍රවීණ ගායන ශිල්පිනී ආචාර්ය විශාරද නන්දා මාලනී මහත්මියගේ අභාවය...

බලයේ පරීක්ෂණය එය භාවිත කරන ආකාරයයි – ජෙහාන් පෙරේරා

22 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමත් සමඟ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා...

ලක්ෂාන් මධුරංග වික්‍රමරත්නගෙ අලුත් කවි පොත ගැන අපිළිවෙළ අදහස් කීපයක් !

කවි පනහෙන් සැලකිව යුතු කවි ප්‍රමාණයක තියෙන ඇතැම් අතීත...