වසංගත අවදානම මැද ගැබිණි සෞඛ්‍ය සේවිකාවන් රැකියා සඳහා කැඳවයි

කොවිඩ් වසංගත තත්වය මත ගැබිණි කාන්තාවන් සේවයට නොකැදවන ලෙස පසුගියදා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය විසින් නිකුත් කර තිබූ චක්‍රලේඛය වළක්වාලමින් සෞඛ්‍ය සේවයේ නිරත ගර්භනී කාන්තාවන් සේවයට වාර්තා කළ යුතු බව සඳහන් කරමින් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ලිපියක් නිකුත් කර තිබේ.

එම ලිපියේ සඳහන් වන ආකාරයට ගර්භනී සමයේ අවසන් මාස 3 ගතකරන සෞඛ්‍ය කාර්ය මණ්ඩල නිලධාරිණියන්ට වැටුප් සහිතව නිවාඩු ලබාදෙන අතර
ගර්භනී සමයේ ප්‍රථම මාස 06 ගත කරන නිලධාරිණියන් කොවිඩ් රෝගීන් නොමැති රෝහල් වාට්ටු ඒකක සදහා අනුයුක්ත කළ යුතුවේ.

කොවිඩ් තුන්වෙනි රැල්ලත් සමඟ ගර්භනී කාන්තාවන් රැකියා සඳහා නොකැඳවීමට තීරණය කරනු ලැබුවේ ඔවුන් වෛරසය හමුවේ වැඩි අවධානමක් පවතින බව සෞඛ්‍ය විශේෂඥයන් පැවසීමෙන් අනතුරුවයි. මේ වනවිට ගැබිණි කාන්තාවන් විශාල පිරිසකට වෛරසය ආසාදනය වී ඇති අතර ඉන් 07 දෙනෙකු මියගොස් තිබේ. එවැනි තත්ත්වයක් තිබියදී ගැබිණි සෞඛ්‍ය නිලධාරිනියන් කුමන හෝ ආකාරයකින් සේවයේ යොදවා ගැනීම ඔවුන්ගේ ජීවිත අවදානමේ දැමීමකි.

සෞඛ්‍ය අමාත්‍යංශය නිකුත් කළ ලිපිය පහත දැක්වේ.

Share post:

Popular

වෙනත් පුවත්

පොහොර වංචාවක් ගැන ගොවීන්ගෙන් ලාල්ට එරෙහිව පැමිණිල්ලක්

රුපියල් බිලියන 2 ක පොහොර වංචාවක් සිදුකර ඇති බවට...

ආණ්ඩුව මේ වන විට හතරවතාවක් ගොවියන් ව රැවටුවා – දුමින්ද නාගමුව

ගොවි ගැටලුවලට විසඳුම් විසඳුම් දෙන බව පවසා ආණ්ඩුව මේ...

පෞද්ගලික සමාගම්වලින් ඉන්ධන මිල වැඩිකරන්න බලපෑම්

ලෝක ඉන්ධන මිල ගණන්වල සිදුවන උච්චාවචනයන් හේතුවෙන් ගොඩබෑමේ පිරිවැය...

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පොලීසියට යන්නත් කලින් ඥානසාර හැංගිලා

ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව පොලිස්පතිවරයා වෙත ලැබෙනතුරු ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුව...