වසංගත අවදානම මැද ගැබිණි සෞඛ්‍ය සේවිකාවන් රැකියා සඳහා කැඳවයි

කොවිඩ් වසංගත තත්වය මත ගැබිණි කාන්තාවන් සේවයට නොකැදවන ලෙස පසුගියදා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය විසින් නිකුත් කර තිබූ චක්‍රලේඛය වළක්වාලමින් සෞඛ්‍ය සේවයේ නිරත ගර්භනී කාන්තාවන් සේවයට වාර්තා කළ යුතු බව සඳහන් කරමින් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ලිපියක් නිකුත් කර තිබේ.

එම ලිපියේ සඳහන් වන ආකාරයට ගර්භනී සමයේ අවසන් මාස 3 ගතකරන සෞඛ්‍ය කාර්ය මණ්ඩල නිලධාරිණියන්ට වැටුප් සහිතව නිවාඩු ලබාදෙන අතර
ගර්භනී සමයේ ප්‍රථම මාස 06 ගත කරන නිලධාරිණියන් කොවිඩ් රෝගීන් නොමැති රෝහල් වාට්ටු ඒකක සදහා අනුයුක්ත කළ යුතුවේ.

කොවිඩ් තුන්වෙනි රැල්ලත් සමඟ ගර්භනී කාන්තාවන් රැකියා සඳහා නොකැඳවීමට තීරණය කරනු ලැබුවේ ඔවුන් වෛරසය හමුවේ වැඩි අවධානමක් පවතින බව සෞඛ්‍ය විශේෂඥයන් පැවසීමෙන් අනතුරුවයි. මේ වනවිට ගැබිණි කාන්තාවන් විශාල පිරිසකට වෛරසය ආසාදනය වී ඇති අතර ඉන් 07 දෙනෙකු මියගොස් තිබේ. එවැනි තත්ත්වයක් තිබියදී ගැබිණි සෞඛ්‍ය නිලධාරිනියන් කුමන හෝ ආකාරයකින් සේවයේ යොදවා ගැනීම ඔවුන්ගේ ජීවිත අවදානමේ දැමීමකි.

සෞඛ්‍ය අමාත්‍යංශය නිකුත් කළ ලිපිය පහත දැක්වේ.

Share post:

Popular

වෙනත් පුවත්

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීමට ආණ්ඩුවට මතක් කරමු!

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීම තුළින් නැවත එවැනි අපරාධ සිදුවීම...

මිලියනයකට ආසන්න ප්‍රංශ ජනතාවක් අද පාරට බැහැලා .

මැක්‍රොන්ගේ උද්ඝෝෂණ තහනම නොතකා අද   ප්‍රංශය පුරා උද්ඝෝෂණ පවත්වනු...

‘මරණය අසල නිසලව’ යනු ස්වයංචරිතාප්‍රදානයකට වඩා එහා ගිය කෘතියකි

ශ්‍රී ලංකාවට මුහුණු වර දෙකකි . විදේශීය අමුත්තන් විසින්...

පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය

ජාතික පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් ලිංගිකව එක්වන, රති...