වරායේ බටහිර පර්යන්තයේ කොටස් 51%ක් හොර ගිවිසුමකින් අදානි සමාගමට පවරලා

නැගෙනහිර ජැටිය විකිණීමට එරෙහිව නැගුනු විරෝධය හමුවේ ආණ්ඩුව ජන මතයට හිස නැමූ බව පෙන්වමින් නැගෙනහිර ජැටිය විකිණීම අකුළාගැනීමෙන් පසු බටහිර ජැටිය 51%ක් අදානි සමාගමට දීමට හොර ගිවිසුමක් අත්සන් කර ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පවසයි. මැයි 3වනදා අත්සන් කරන ලද මෙම ගිවිසුම සම්බන්ධයෙන් මැයි 30වනදා පුවත්පත් වාර්තා කරන තුරු කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවකදිවත් මේ ගැන ජනතාවට දැනුම් නොදුන් බව ඔහු පවසයි.

පුබුදු ජයගොඩ වැඩිදුරටත් පැවසුවේ,

“කොළඹ වරායේ බටහිර ජැටිය පරිපාලනය කිරීමත් ඒකට අදාළ ආදායම් ලබාගැනීමත් සම්බන්ධ ගිවිසුමක් මැයි 3වනදා අත්සන් කරලා තියෙනවා. එක අත්සන් කරලා තියෙන්නෙ කැබිනට් මණ්ඩලයේ තීරණයක් අනුව. ඒ සම්බන්ධ පාර්ලිමේන්තුවේවත් වෙනත් මහජන නියෝජිත ආයතනයක්වත් වෙනත් කිසිදු මහජන නියෝජිත ආයතනයක්වත් ජනතාව අතරවත් සාකච්ඡාවකට භාජනය වුණේ නැහැ. අද දවසේ ඉංග්‍රීසි පුවත්පතක් වාර්තා කරලා තියෙනවා මැයි මාසයේ කැබිනට් තීරණයකට අනුව බටහිර ජැටිය ඉදිරිකිරීම සඳහාත් එය පවත්වාගෙන යාම සඳහාත් ඒකාබද්ධ සමාගමක් නිර්මාණය කරලා තියෙනවා කියලා. ඒ ඒකාබද්ධ සමාගමේ කොටස් 51%ක් ම අයත් වන්නේ ඉන්දියාවේ අදානි සමාගමට. තවත් කොටස 34% අයත් වන්නේ ජෝන් කීල්ස් සමාගමට. ශ්‍රී ලංකා වරාය අධිකාරියට හිමිවෙලා තියෙන්නෙ සියයට 15ක කොටස් පමණයි.

මීට කලින් කොළඹ වරායේ නැගෙනහිර වරාය සම්බන්ධයෙන් මේ වගේම ප්‍රශ්නයක් ආවා. නමුත් ඒ වෙලාවේ ආරම්භක අවස්ථාවේ වරාය අධිකාරියට 51%ක් තියෙනවා කියලා තමයි කිව්වේ. අපි කිව්වේ ආරම්භයේදී 51%ක් තිබුණට එය වෙනස් කිරීමේ ඉඩ තබාගෙන මේ ගිවිසුම අත්සන් කරනවා කියලා. නැගෙනහිර ජැටිය ලබාදීම ජනතා විරෝධය මත හකුළ ගත්තට පස්සේ බටහිර ජැටිය සම්බන්ධයෙන් රජය අරන් තියෙන ක්‍රියාමාර්ගය ඉතා භයානකයි. මොකද ආරම්භයේදීම අදානි සමාගමට සියයට 51ක් ලබාදී තියෙනවා. බටහිර ජැටිය පාලනය කිරීම සම්බන්ධ සියලු බල අධිකාරිය අදානි සමාගමට අයත්වෙනවා. ඒ විතරක් නෙමෙයි අදානි සමාගමේ දේශීය නියෝජිතයෙක් ලෙස වැඩකරන ජෝන් කීල්ස් සමාගමට. ”

Share post:

Popular

වෙනත් පුවත්

ලලිත් කූගන් අතුරුදහන් කිරීම ගැන ගෝඨා සාක්ෂි දීමට කොළඹ අධිකරණයට

දේශපාලන සහ මානව හිමිකම් ක්‍රියාකාරිකයන් වූ ලලිත් කුමාර් වීරරාජ්...

රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්

රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...

JVP එක භාරතීය ජනතා පක්ෂයේ සංවිධාන අත්දැකීම් ඉගෙනගන්න ගිහින්

ජනතා විමුක්ති පෙරමුණේ (JVP) මහලේකම් ටිල්වින් සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත්...

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්පලිස්...