කොවිඩ් එන්නතේ දෙවන මාත්‍රාව ගැන තවම තීරණයක් ගෙන නැහැ – ප්‍රමාණවත් එන්නත් නොමැති බවට චෝදනා

කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් පුද්ගලයින්ට දෙවන මාත්‍රාව ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක කළ යුතු ආකාරය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය මේ සතිය ඇතුළත තීන්දුවක් ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රධාන වසංගත රෝග විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර පැවසීය.

කොවිෂීල්ඩ් එන්නත මෙරට පුද්ගලයින් 925242 කට ලබාදී තිබෙන බවද සුදත් සමරවීර පවසා තිබේ.

කොවිෂීල්ඩ් එන්නත ලබාදීම ඉකුත් ජනවාරි මස 29 වන දින ආරම්භ කළ අතර එය ඉකුත් 10වැනි දින දක්වා ක්‍රියාත්මක කෙරිණ. කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබාදීම ඉකුත් 10 වැනිදින සිට මේ වනතෙක් රට පුරා නතර කර තිබේ.

මේ අතර ලංකාව තුළ කොවිඩ් එන්නත ලබාදුන් පුද්ගලයන්ට දෙවන මාත්‍රාව ලබාදීමට අවශ්‍ය තරම් එන්නත් මාත්‍රා සෞඛ්‍ය අමාත්‍යංශය සතුව නොතිබීම නිසා මේවනවිට බරපතල අර්බුදයක් මතුව ඇති බව වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී පවසා තිබේ. ඔහු පවසන ආකාරයට දෙවන මාත්‍රාව ලබන සතියේ ලබාදීම සඳහා එන්නත් මාත්‍රා ලක්ෂ 9 ට වැඩි ප්‍රමාණයක් අවශ්‍ය වුනත් දැනට සෞඛ්‍ය අමාත්‍යාශය සතුව තිබෙන්නේ ලක්ෂ 2ට 3ට ආසන්න ප්‍රමාණයක් බවයි.

එසේම රටවල් රැසක කොවිශිල්ඩ් එන්නත ලබාදීම අත්හිටුවා ඇති නිසා කොවිශීල්ඩ් එන්නත ලබදෙනවද නැද්ද යන්න තීරණය කිරිමට අවශ්‍ය තීරණය ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යංශයට තවම හැකියාවක් නැති බවද රවී කුමදේශ් පවසා ඇත.

ලබාදී ඇති එන්නතෙහි සංකූලතා පිළිබඳව සොයාබැලීමට හෝ ඒ සම්බන්ධයෙන් කිසිදු විද්‍යාත්මක සාක්ෂියක් හඳුනා ගැනීමට ශ්‍රී ලංකාව තුළ කිසිඳු වැඩපිළිවෙලක් නැතැයි රවී කුමුදේශ් පවසා තිබේ.

”පසු එන්නත් කරණය පිළිබඳව කිසිදු පර්යේෂණයක් හෝ අවම තරමින් ජාතික මට්ටමේ සායනික තොරතොරු පිළිබඳව විමසිලිමත්වන කමිටුවක් පවා මෙතෙක් පත් කර නැහැ.” ඔහු සඳහන් කරයි.

එන්නත්වේදය පිළිබඳව විශේෂඥ හැකියාව ඇති වෘත්තිකයන් සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ නැති බවද වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්පලිස්...

සියැටල් බැටළු හමින් සඟවාගත් ආණ්ඩුවේ පරිසර සංහාරයේ නිරුවට එළිකරන අම්පාරේ, ලංවා සහල් මෝල් ව්‍යාපෘතිය

අම්පාර දිස්ත්‍රික්කයේ, උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කරන්ගාව ප්‍රදේශයේ...

සරත්චන්ද්‍ර ගේ “බෝ දෑ නික්මෙති”

මේ කවියා සරත්චන්ද්‍රර වල්පොල නොහොත් බොහෝ සමීපතමයන්ගේ ආමන්ත්‍රණවාචී "සරා"...

මට කොහොමටවත් මතක නෑ මගේ එක මොකක්ද කියල .

Mauro Biani ඉතාලියේ ජනරජ පුවත්පත වෙනුවෙන් Mauro Biani විසින් ඇඳි කාටූනයක්