මොනාලිසා නැති හිස්තැන සහ වීරයන් මියගිය ලංකාව

වර්ෂ 1911 අගෝස්තු 21වනදා ලොව ප්‍රසිද්ධ මොනාලිසා සිතුවම ප්‍රංශයේ ලූවර් කෞතුකාගාරයේ තිබී අතුරුදන් විය. එය සොරකම් කළ බව වටහාගත්තේ පැය 24කටත් වඩා ගතවූ පසුව ය.

ඉන් පසු කාලාන්තරයක් පුරාවටම එම සිතුවම පැවති තැන තිබුණේ හිස් තැනකි. එතෙක් කල් කිසිදාක චිත්‍රයක් නැරඹීමට නොගිය මිනිසුන්ගේ සිට ඉතාම විශාල ජන රාශියක් හිස්තැන බැලීමට එදා සිට කෞතුකාගාරයේ පෝලිම් ගැසුණේය…

කාලයාගේ ඇවෑමෙන් ලංකාවත් අද හරියටම ඒ හිස්තැන වාගේය..

සංස්කෘතික පසුගාමීත්වය – කලාව සමග වූ සාමූහික රසවින්දනය ,ක්‍රීඩාව , දේශපාලනික අරාජකත්වය දාර්ශනික හිස්කම ආදී මෙකී සෑම අංශයක්ම වසා වෙලාගත් ඊට සුදුසු ,සුපිළිපන් උසස් මානව සම්පත් හිඟතාවයකින් පෙළේ. 1971න් ආරම්භ වූ ඉන් පසු විවිධ දේශපාලනික අර්ථකථනයන් ඔස්සේ සාධාරණීකරණය කලාවූ කැරළි,සිවිල් යුද්ධ ගණනාවකින් ගිනියම් වී මේ රටේ පැලපදියම් වූ තිරශ්චීන මිනිස් ඝාතන පෙරහැර දෙස බලන්න.

තමන්ගේ බලය වෙනුවෙන් එදා අමු අමුවේ යකඩ,ගින්දර ලේ ගංගා මත කිසිදු සාධාරණ හේතුවලින් තොරව , මේ රටේ අද දවස වෙනුවෙන් සිටි වටිනාම මිනිස් සම්පත් විනාස කළ නිසා අද මේ හිස් තැන බිහිවී ඇත.. හෙටට වසර 50 සමරනවා යැයි කියන්නේ අද අපි රෑ දිවා දකින මේ හිස්තැන තිබෙන්නට තිබූ නමුත් අලංකාර වූ වටිනා ඒ චිත්‍රය සොරකම් කිරීම යැයි ඒ අර්ථයෙන් කාට කිව නොහැක්කේ ද ?

 

Share post:

Popular

වෙනත් පුවත්

පාසල් නොමැති දරුවන් 

ඇමරිකන් ඊශ්‍රායල්  ගාසා හි ජන සංහාරක යුද්ධයේදී ළමුන් 21,000...

පාසල් වහන ජනපති

දිවයිනේ පාසල් පද්ධතියෙන් සියයට 18කට ආසන්න ප්‍රමාණයක සිසුන් සංඛ්‍යාව...

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම කල් දැමීමෙන් කෝටි ගණනක පාඩුවක්

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයන් මෙම වර්ෂයේ (2026) හය ශ්‍රේණිය සදහා...

අලුත් දළදා කරඬුවේ ක්‍ෂුද්‍රමූල්‍ය ණය වින්දිත කාන්තාවන්ගේ ලේ තැවරෙයි

දළදාව තැන්පත් කිරීම උදෙසා කිලෝග්‍රෑම් 86 ක බරින් යුත්...