සිංහරාජය මද වැව් දෙකක් හදන්නෙ චීන ව්‍යාපෘති වෙනුවෙන් ජලය ලබාදීමට, මිනිස්සුන්ට වතුර දෙන්න නෙමෙයි – සජීව චාමිකර

සිංහරාජ රක්ෂිතය තුළ ජලාශ දෙකක් ද සජිතව යෝජනා කර ඇති ගිං – නිල්වලා ජල ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව උත්සුක වී ඇත්තේ හම්බන්තොට කර්මාන්ත පුරයෙහි ආයෝජනය කිරීමට සූදානමින් සිටින චීන සමාගම්වල බලපෑම නිසා බවට පරිසරවේදී සජීව චාමිකර චෝදනා කරයි. ඔහු මේ බව පැවසුවේ ඊයේ (23) කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

“ඉතාම පැහැදිලිව අපි දන්නවා මේ වනවිට හම්බන්තොට මහාපරිමාණ සංවර්ධන ව්‍යාපෘති වලට අවශ්‍ය කරන ජලය ගේන්න පළවෙනිම සැලසුම තමයි උමා ඔය ව්‍යාපෘතිය. ඒ ව්‍යාපෘතිය බලහත්කාරයෙන් ක්‍රියාත්මක කළා, පරිසර ඇගයීම් වාර්තාව සම්පූර්ණයෙන්ම නීතිවිරෝධී වාර්තාවකට මධ්‍යම පරිසර අධිකාරියෙන් බලහත්කාරයෙන් අනුමැතිය ලබාගෙන තමයි ව්‍යාපෘතිය ආරම්භ කළේ, ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ ප්‍රතිඵලයක් විදියට අද වනවිට පවුල් 17500කට වැඩි ප්‍රමාණයක් සම්පූර්නයෙන්ම අවතැන් වෙලා ඉන්නවා. ඒ විතරක් නෙවෙයි මේ ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම ෆේල් වෙලා තියෙනවා.

එතකොට ඒ ජලය ගේන්න බැරි හින්දා මේ වනවිට ගිං – නිල්වලා ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්න හදනවා. මේ ජලය ගේන්නෙ ජල කොල්ලයකට මිසක් ජනතාවට ජලය ලබාදෙන්න නෙවෙයි. අපි දන්නවා මේ වනවිට හම්බන්තොට වරාය චීන සමාගමකට බදු දෙනකොට මූලික එකඟතාවයක් තියෙනවා ඒ ආශ්‍රිතව තව අක්කර 15000ක් දෙන්න චීන කර්මාන්ත ශාලා ස්ථාපිත කරන්න. මේ වනවිට දිගින් දිගටම චීන සමාගම් විසින් බලපෑම් කරනවා ජල ප්‍රශ්නයට විසඳුම් සපයලා දෙන්න, ඒගොල්ලන්ගෙ ආයෝජන කටයුතු සිද්ධ කරන්න කියලා. ඒ සඳහා තමයි මේ සැලසුම සකස් කරන්නෙ” යනුවෙනුයි සජීව චාමිකර පවසා තිබේ.

Share post:

Popular

වෙනත් පුවත්

“පොතක් ගැන කතාබහක්”

Gnanasiri koththihoda විසින් රචිත " නව සම සමාජ පක්ෂයේ...

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...