ඉල්ලීම් 11ක් මුල්කරගනිමින් දිවයින පුරා රෝහල්වල කණිෂ්ඨ කාර්යමණ්ඩල වර්ජනයක

ඉල්ලීම් 11 ක් මුල්කර ගනිමින් අද (17) දිවයින පුරා රෝහල් කණිෂ්ඨ කාර්ය මණ්ඩලය සංකේත වැඩවර්ජනයක නිරත විය.

ඒ සඳහා කොළඹ ජාතික රෝහල, කඹුරුපිටිය මූලික රෝහල, කලුතර ( නාගොඩ) මහ රෝහල, දඹුල්ල. මූලික රෝහල, මහඔය මූලික රෝහල, නුවරඑළිය මහ රෝහල, කෑගල්ල මහ රෝහල, මහනුවර ජාතික රෝහල, දකුණු කොළඹ ශික්ෂණ රෝහල(කලුබෝවිල ) උතුරු කොළඹ ශික්ෂණ රෝහල(රාගම) වාලච්චේන මූලික රෝහල, අනුරාධපුර ශික්ෂණ රෝහල, මීරාවෝඩෙයි ප්‍රාදේශීය රෝහල, රඹුක්කන. දිසා රෝහල, ත්‍රිකුණාමලය මහ රෝහල,
ලේනදොර ප්‍රාදේශීය රෝහල, විල්ගමුව ප්‍රාදේශීය රෝහල, පානදුර මූලික රෝහල, හම්බන්තොට මහ රෝහල, බේරුවල මූලික රෝහල, ඇතුලු රෝහල් 31 ක සෞඛ්‍ය කණිෂ්ඨ කාර්යමණ්ඩලය සම්බන්ධ වී ඇත.

එම ඉල්ලීම් තව දුරටත් සෞඛ්‍ය බලධාරීන් විසින් නොසලකා හරින්නේ නම් සියලු රෝහල් ඒකාබද්ධ කොට ගත් දැඩි ක්‍රියාමාර්ගයක යෑමට සිදුවන බව මාධ්‍ය වෙන අදහස් දක්වමින් එම සංගමයේ ලේකම් ටැම්පිටියේ සුගතානන්ද හිමියන් ප්‍රකාශ කර සිටී. ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමයේ සභාපති චමින්ද නිලන්ත සහෝදරයා- ප්‍රකාශ කර සිටියේ රජයේ කෝවිඩ් අවදානමේ පවා තමන් පැය 48 ක් සතියකට සේවයේ නිරතවන බවයි. එසේ වුවද ඒ සඳහා කිසිඳු දීමනාවක් හෝ නොගෙවීම ඉතා අසාධාරණ බවත් හෙතෙම ප්‍රකාශ කලේය.

ඉල්ලීම් 11ක් මුල්කරගෙන රෝහල් කණිෂ්ඨ කාර්යමණ්ඩල සේවකයෝ අද(17) පෙ.ව 08-12 දක්වා සේවයෙන් බැහැර විය. එම ඉල්ලීම් වන්නේ,
* සතියේ වැඩකරන අමතර පැය 08 ට වැටුපෙන් 01/30 එකක දීමනාවක් ලබාගැනීම.
* දින 180 සම්පූර්ණ කළ සියලු සෞඛ්‍ය ආදේශක, අනියම් සේවකයින් වහා ස්ථීර කරගැනීම.
* නිල ඇඳුම් දීමනාව රු. 15000 ක් කරගැනීම.
* සියලු සෞඛ්‍ය සේවකයින්ට විශේෂ අවදානම් දීමනාවක් ලබාගැනීම.
* ප්‍රමාදකළ උපස්ථායක පත්වීම් කඩිනමින් ලබාගැනීම.
* අතිකාල රේට් ක්‍රමයට ලබාගැනීම.
* උදුරාගත් උත්සව අත්තිකාරම් දීමනාව පොලී රහිතව නැවත ලබාගැනීම.
* රෝහල් කණිෂ්ඨ කාර්යමණ්ඩල හිඟය පියවාගැනීම.
* විධිමත් බඳවාගැනීම් පටිපාටියක් සහ විධිමත් රාජකාරි ලයිස්තුවක් ලබාගැනීම.
* කළමනාකරන සේවා විභාගය සමතුන්ට පත්වීම් ලබාදීම සහ වයස 45 ට වැඩි විශ්රාම වැටුප් අහිමි සේවකයින්ගේ විශ්රාම වැටුප් අයිතිය ලබාගැනීම
* ආණ්ඩුවේ මිලිටරිකරණ උවමනාවන් මත සිදුකරන අවිධිමත් බඳවාගැනීම් වහා නැවැත්වීම

Share post:

Popular

වෙනත් පුවත්

අසියානු කුසලාන කාන්තා තීරණාත්මක තරඟ තුන හෙටින් ආරම්භ වේ .

2026 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය...

උණට කොත්තමල්ලි බීල ඉන්න බැරිවෙයි වගේ

පසුගියදා ජනාධිපතිවරයා බුලත්සිංහල පැවති රැස්වීමකදී හිතුන හිතුන වෙලාවට රෝහල්වලට...

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වර්ජනයට විසඳුම් නැත්නම් අඛන්ඩ ක්‍රියාමාර්ගයකට

ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන රජයේ සියලු විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන් අද...

වසර 38ට පස්සේ ඉන්දියන් ආරක්ෂක ඇමති එන හේතුව

වසර 38කට පසු ඉන්දියාවේ ආරක්ෂක ඇමතිවරයෙක් ලංකාවට පැමිණෙන්නේ දෙරටේ...