කෑගල්ලේ කොවිඩ් රෝගීන්ගේ ඉහළ යාමක් – ධම්මික පැණිය හේතු වී ඇති බවට රජයේ වෛද්‍ය නිලධාරීන් අනතුරු අඟවයි

කෑගල්ල ප්‍රදේශයෙන් පසුගිය දිනවල වාර්තා වන කොවිඩ් ආසාදිතයින් අධික උණ රෝගලක්ෂණ පෙන්වන බව රජයේ වෛද්‍ය නිලධාරී සංගමය පවසයි.

වෛද්‍ය හරිත අළුත්ගේ මහතා පවසන්නේ මෙය බොහෝ විට නව කොවිඩ් ප්‍රභේදයක් දැයි සැක මතුවන බවයි.

එලෙස නව කොවිඩ් ප්‍රභේද පිලිබඳව පරීක්ෂණ පැවැත්වීමේ හැකියාවක් ඇත්තේ ජයවර්ධනපුර වෛද්‍ය පීඨයේ රසායනාගාරවල පමණක් බැවින් එම රෝගී සාම්පල වහාම එහි යවා පරීක්ෂා කළයුතු බව ඔහු සඳහන් කළේය.

කෑගල්ලෙන් මෙලෙස ආසාදිතයින් ඉහළයාම ගැන පසුගියදා තම සංගමය අනතුරු ඇඟෙව්වේ එම ප්‍රදේශයේ දේශීය ඖෂධ නාමයෙන් සිදුකරන ලද ප්‍රචාරණ වලට පසුව අධික ජන ඒකරාශිවීම් වාර්තා වීමත් සමග බව ඔහු සිහිපත් කළේය.

මේ අතර කෑගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බල සීමාවේ කොවිඩ් 19 වයිරසය ආසාදිතයන් 11 දෙනෙකු වාර්තා වී ඇති බවත්, මාකුර මගුරුදෙණිය ප්‍රදේශයේ ධම්මික පැණිය පානය කළ එකම පවුලේ තිදෙනකුට කොවිඩ් වයිරසය ආසාදනය වී ඇති බවත් බුළුගහදෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක බණ්ඩාර අත්තනායක ප්‍රකාශ කර ඇති බව අරුණ පුවත්පත වාර්තා කර තිබේ.

පෙරේදා කෑගල්ල මහ රෝහලේදී මෙම පවුලේ පුද්ගලයන් හට සිදුකළ පී.සී.ආර්. පරීක්ෂ‍ණයේදී කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

සෞඛ්‍ය බලධාරීන් හමුවේ අනාවරණය කර ඇත්තේ එම නිවැසියන් නොමිලේ නිවසට පැමිණ ලබාදුන් ධම්මික පැණිය නිවැරදි මාත්‍රාවට පානය කළ බවයි.

Share post:

Popular

වෙනත් පුවත්

22 සම්මතයි

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ සංවිධාන සංශෝධන...

අගමැතිගේ උත්සවයට නොගියොත් මහපොළ අවදානමේ – අන්තරෙන් අනාවරණයක්

පසුගිය ආණ්ඩු ක්‍රියාකළ ආකාරයටම නව ආණ්ඩුවත් මහපොළ දීමනාව ලබා...

රටේ ජනතාව වසර සිය ගණනක් ණයකරුවන් කරන අධිවේගී මාර්ග

ලංකාවේ අධිවේගී මාර්ග පද්ධතිය ඉදිකිරීම සඳහා දේශීය හා විදේශීය...

PSTA පනත සහ ආණ්ඩුවේ ආර්ථික වැඩපිළිවෙල සම්බන්ධයි – දුමින්ද නාගමුව

ආණ්ඩුව විසින් අලුතින් ගැසට් කර ඇති ‘ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා...