සිසුන්ගේ සෞඛ්‍යාරක්ෂාව තහවුරු කර විශ්වවිද්‍යාල ආරම්භ කරන්න – අන්තරේ

සියලු සිසුන්ට විශ්වවිද්‍යාල වහා ආරම්භ කළ යුතු බවත්, සිසුන්ගේ සෞඛ්‍යාරක්ෂාව තහවුරු කළ යුතු බවත් අවධාරණය කරමින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් අද(07) මාධ්‍ය හමුවක් පවත්වන ලදී.

කෝවිඩ් වසංගතය හේතුවෙන් වසා දමා තිබූ පාසල්, රාජ්‍ය හා පෞද්ගලික ආයතන පමණක් නොව පෙර පාසල් දහම් පාසල් පවා ආරම්භ කර ඇති නමුත් විශ්වවිද්‍යාල පද්ධතිය පමණක් තවදුරටත් අකර්මණ්‍යව පවතින බව එම සංගමය පවසයි.

අන්තරේ කැඳවුම්කරු රත්කරව්වේ ජිනරතන පැවසුවේ මේ හේතුවෙන් බොහෝ විශ්වවිද්‍යාලවල සිසුන්ගේ විභාග කටයුතු, අධ්‍යයන කටයුතු ඇණහිට ඇති බවත් විශ්වවිද්‍යාල ආරම්භ කිරීම පිළිබඳව කතාබහක්වත් නොමැති අතර විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විශ්වවිද්‍යාල පරිපාලන නිලධාරීන් පිට වගකීම් පවරා කර අරින ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවයි.

වසංගත අවදානම සමාජයටම පවතින අතර විශ්වවිද්‍යාලවලට පමණක් සීමා වූ විශේෂ අවදානමක් තිබිය නොහැකි බවත් සිසුන්ගේ සෞඛ්‍යාරක්ෂාව තහවුරු කෙරෙන වැඩපිළිවෙළක් සකස් කර ඒ සඳහා ප්‍රතිපාදන ලබාදී විශ්වවිද්‍යාල පද්ධතිය යථාවත් කිරීම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ, අධ්‍යාපන අමාත්‍යාංශයේ වගකීමක් බවද රත්කරව්වේ ජිනරතන හිමි පවසා තිබේ.

Share post:

Popular

වෙනත් පුවත්

පාසල් නොමැති දරුවන් 

ඇමරිකන් ඊශ්‍රායල්  ගාසා හි ජන සංහාරක යුද්ධයේදී ළමුන් 21,000...

පාසල් වහන ජනපති

දිවයිනේ පාසල් පද්ධතියෙන් සියයට 18කට ආසන්න ප්‍රමාණයක සිසුන් සංඛ්‍යාව...

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම කල් දැමීමෙන් කෝටි ගණනක පාඩුවක්

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයන් මෙම වර්ෂයේ (2026) හය ශ්‍රේණිය සදහා...

අලුත් දළදා කරඬුවේ ක්‍ෂුද්‍රමූල්‍ය ණය වින්දිත කාන්තාවන්ගේ ලේ තැවරෙයි

දළදාව තැන්පත් කිරීම උදෙසා කිලෝග්‍රෑම් 86 ක බරින් යුත්...