Breaking News

යුක්‍රේනයෙන් එවූ කසළ තොගය ගැන බාසල් සම්මුතියට පැමිණිලි කරන්න සැරසෙයි

පුද්ගලික ආයතනයක් විසින් කොත්තමල්ලි මෙරටට ආනයනය කරන මුවාවෙන් ගෙන්වා තිබෙන කෘෂි අපද්‍රව්‍ය සහිත බහලුම් 28 සම්බන්ධව බාසල් සම්මුති කාර්යාලයට පැමිණිලි කරන්නැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහට උපදෙස් දී ඇතැයි වාර්තා වේ.

බාසල් සම්මුතිය යනු අපද්‍රව්‍ය එක් රටකින් වෙනත් රටකට අපනයනය කිරීම පිළිබඳව ඇති ජාත්‍යන්තර ගිවිසුමකි.

එමෙන්ම මෙම බහාළුම් මෙරටට ගෙන්වා තිබෙන්නේ කොත්තමල්ලි ආනයනය කරන මුවාවෙන් බවත්, ඒ සම්බන්ධව යුක්රේන සමාගම විසින් මෙරට සමාගම කිසියම් රැවටීමක් කර තිබේ ද යන්න පිළිබඳව මේ වනවිට අදාල අංශ අවධානය යොමුකර ඇති බවද මහින්ද අමරවීර ඇමතිවරයා පවසා ඇත.

මෙම කසළ තොගය මෙරටට ගෙන්වන ලද සමාගාම පවසා ඇත්තේ යුක්රේන සමාගම විසින් තමන් රවටා ඇති බවයි.

කෙසේ වුවද කෘෂි අපද්‍රව්‍ය මගින් විවිධ හානිකර තත්ත්වයන් මෙරට පරිසර පද්ධතියට ඇතුලුවිය හැකි බැවින් ඒවා වහාම යුක්රේනයට ප්‍රතිඅපනයනය කරන්නැයි ද නිලදාරින්ට උපදෙස් දුන් බව අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා තිබේ.

leave a reply