යුක්‍රේනයෙන් එවූ කසළ තොගය ගැන බාසල් සම්මුතියට පැමිණිලි කරන්න සැරසෙයි

පුද්ගලික ආයතනයක් විසින් කොත්තමල්ලි මෙරටට ආනයනය කරන මුවාවෙන් ගෙන්වා තිබෙන කෘෂි අපද්‍රව්‍ය සහිත බහලුම් 28 සම්බන්ධව බාසල් සම්මුති කාර්යාලයට පැමිණිලි කරන්නැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහට උපදෙස් දී ඇතැයි වාර්තා වේ.

බාසල් සම්මුතිය යනු අපද්‍රව්‍ය එක් රටකින් වෙනත් රටකට අපනයනය කිරීම පිළිබඳව ඇති ජාත්‍යන්තර ගිවිසුමකි.

එමෙන්ම මෙම බහාළුම් මෙරටට ගෙන්වා තිබෙන්නේ කොත්තමල්ලි ආනයනය කරන මුවාවෙන් බවත්, ඒ සම්බන්ධව යුක්රේන සමාගම විසින් මෙරට සමාගම කිසියම් රැවටීමක් කර තිබේ ද යන්න පිළිබඳව මේ වනවිට අදාල අංශ අවධානය යොමුකර ඇති බවද මහින්ද අමරවීර ඇමතිවරයා පවසා ඇත.

මෙම කසළ තොගය මෙරටට ගෙන්වන ලද සමාගාම පවසා ඇත්තේ යුක්රේන සමාගම විසින් තමන් රවටා ඇති බවයි.

කෙසේ වුවද කෘෂි අපද්‍රව්‍ය මගින් විවිධ හානිකර තත්ත්වයන් මෙරට පරිසර පද්ධතියට ඇතුලුවිය හැකි බැවින් ඒවා වහාම යුක්රේනයට ප්‍රතිඅපනයනය කරන්නැයි ද නිලදාරින්ට උපදෙස් දුන් බව අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා තිබේ.

Share post:

Popular

වෙනත් පුවත්

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...

දීපචෙල්වම්ගේ කෘති නිදහස් කරන්නැයි නියෝගයක්

දීපචෙල්වම් ප්‍රදීපන්ගේ නම් ලේඛකයා විසින් රචිත ලද දෙමළ භාෂා...