Breaking News

ධම්මික පැණි පූජා කරන්න යනකොට බුදුවූ බව කිව් සිරිසුමනත් යන්නෙ ඇයි?

ධම්මික බණ්ඩාර විසින් නිපදවූ බව කියන පැණියට ජනතාව අතර ජනප්‍රිය කරවීමේදී ජාතික තලයේ මාධ්‍ය, සමාජ මාධ්‍ය හා රජය ඊට ප්‍රභල අනුග්‍රහයක් ලබාදෙනු දැකිය හැකිවිය. ඔවුන් නිර්මාණය කරන ලද නාටකයේ ඉතා උද්වේගකර අවස්ථාවක් ඊයේ අටමස්ථානාධිපති හිමියන් ඉදිරියේ රඟ දැක්වුණි.

ඊයේ අනුරාධපුරයට සිය ආධාරකරුවන් සමග ගිය ධම්මික බන්ඩාර, පළමුවෙන් අනුරාධපුර අටමස්ථානාධිපති පල්ලේගම ධම්මරක්ඛිත සිරිනිවාස හිමි හමුවී පැණිය බෝතලයක් ලබා දෙන ලදී. එයින්පසුව ඔහුගේ පැණිය ශ්‍රී මහ බෝධිය වෙත පූජා කිරීමට පැමිණි නමුත් ඔහුට බෝධිය අසළටම යාමට අවසර නොලැබිණි.

පසුව ධම්මික බණ්ඩාර පිරිසක් සමග වේගයෙන් අටමස්ථානාධිපති හිමි වෙත ගොස් ඇති අතර ඔහු අටමස්ථානාධිපති පල්ලගෙම සිරිනිවාස හිමි ඉදිරියේ හිඳ මෙසේ ප්‍රකාශ කර ඇත්තේ ලෝකයට සුවසෙත සැදීමට මම මේ ඖෂධය සකස් කළා. ඒක බෝධින් වහන්සෙ වෙත පුද කිරීමට ආවෙ. ඇයි මට අවසර නොදුන්නෙ? මම කාලි, ඔබ වහන්සෙගෙ අම්මා!” යනුවෙනුයි. කෙසේ වෙතත්, පසුව පහළ මළුවට ඖෂධය පූජා කිරීමට ධම්මික බණ්ඩාර හට අවසර හිමිවූ බව වාර්තා විය.

කෑගල්ලේ ධම්මික බණ්ඩාර විසින් නිපදවනු ලැබූ පැණිය රැගෙන ශ්‍රී මහා බෝධිය වෙත යන අවස්ථාවේ තමන් බුදු වූ බව පවසා පසුව තමන් කළ ක්‍රියාව පිළීබදව මහනාහිමිවරුන්ගෙන් සමාව ගත් බොරැල්ලේ සිරිසුමන නම් භික්ෂුවද සිටිනු දක්නට ලැබීම පිළිබඳ සමාජ මාධ්‍ය තුළ සංවාදයක් ආරම්භ වී තිබේ. ඊට අමතරව මෙම සංවාදය තුළදී එම භික්ෂුව

අනුරාධපුරයට සිය ආදාරකරුවන් සමග ගිය ධම්මික බන්ඩාර, පළමුවෙන් අනුරාධපුර අටමස්ථානාධිපති පල්ලේගම ධම්මරක්ඛිත සිරිනිවාස හිමි හමුවී පැණිය බෝතලයක් ලබා දෙන ලදී. එයින්පසුව ඔහුගේ පැණිය ශ්‍රී මහ බෝධිය වෙත පූජා කිරීමට පැමිණි නමුත් ඔහුට බෝධිය අසළටම යාමට අවසර නොලැබිණි.

නමුත් ධම්මික බණ්ඩාර වෙනුවෙන් දිගින් දිගටම විශාල ප්‍රචාරයක් ලබාදෙමින් තිබූ මාධ්‍ය ධම්මරක්ඛිත හිමියන්ට තමන් කාලි බවත් උන්වහන්සේගේත් ‘අම්මා’ කියමින් කෑගැසූ දර්ශනය කපා හැර තිබුණි.

ඒ එවැනි දර්ශනයකින් ඔවුන්ගේ ව්‍යාපෘතිය අවුල්වන නිසා විය යුතුය.

මෙහි ඇති අනෙක් කරුණ නම් කෑගල්ලේ ධම්මික බණ්ඩාර විසින් නිපදවනු ලැබූ පැණිය රැගෙන ශ්‍රී මහා බෝධිය වෙත යන අවස්ථාවේ තමන් බුදු වූ බව පවසා පසුව තමන් කළ ක්‍රියාව පිළීබදව මහනාහිමිවරුන්ගෙන් සමාව ගත් බොරැල්ලේ සිරිසුමන නම් භික්ෂුවද සිටිනු දක්නට ලැබීමයි. එම භික්ෂුව සමඟ කැලණි ගඟ අසල සිවුරුගල දී විශේෂ පූජාවක් අතරතුර නාග ලේකයෙන් සර්වඥ ධාතූන් 14 ක් රැගෙන නාගයන් වැඩි බව පවසමින් විශාල ප්‍රචාරයක් ගෙන ගිය උදාර මධුසංඛ නැමැත්තා සිටින ඡායාරූප ද නැවත කරළියට පැමිණෙමින් පවතියි.

මෙම උදාර මධුශංක නැමැත්තාට නා ලොවින් ලැබුණු බව කිවූ ධාතූන් සහිත කරඬුව කැළණිය විහාරස්ථානයේ ධාතූ මන්දිරයේ තැන්පත් කෙරුණු අතර දින කිහිපයක් සැදැහැවතුන්ගේ වන්දනාමානයට ප්‍රදර්ශනය කෙරිණි. ඒ අවස්ථාවේද මාධ්‍ය මෙය දිගට හරහට ප්‍රචාරය කරන ලදී. මෙය සිදුවුවේ පසුගිය ජනාධිපතිවරණය කට උඩ තිබියදීය. මෙහිදී ධාතු බලන්නට එන සැදැහැවතුන්ට නෙළුම් පොහොට්ටු ලබාදීමක් පවා සිදුව තිබුණි.

ඊට අමතරව මෙහිදී ධාතු ලැබීම ගැන විශේෂ ප්‍රකාශයක් කරන කැළණිය විහාරස්ථානයේ විහාරාධිපති මහින්ද බුද්ධරක්ඛිත හිමි පවසන්නේ 2020ට හොඳ නායකයෙක් ලැබී හොඳ දේශයක් ගොඩනගන්න පුළුවන් වන බවට වන සුබ පණිවිඩයද ඒ සමඟ ලැබුණු බවයි.

මේ අනුව මෙම සිදුවීම් සම්බන්ධ පුද්ගලයන් එකිනෙකා සමඟ සිටිනු දක්නට ලැබීම හුදු අහම්බයක් නොවන බව එම සෑම සිදුවීමකටම ලැබෙන මාධ්‍ය ප්‍රචාර සහ රාජ්‍ය අනුග්‍රහ හරහා පැහැදිලිවේ. ඒ අනුව කාලයෙන් කාලයට මෙවැනි පුද්ගලයන් සැබෑ ලෙස කරනුයේ තම විවධ දේශපාලන ව්‍යාපෘති වෙනුවෙන් මත හැසිරවීමයි. මෙවැනි සිදුවීම් සම්බන්ධව විරෝධතා දක්වන බොහෝ පිරිස් කියන පරිදි එය හුදු මෝඩකමක් හෝ උමතුවක් ලෙස බැහැර කළ නොහැක්කේ එහෙයිනි.

 

 

leave a reply