දුප්පත් මිනිස්සු විතරක් බන්ධනාගාරෙ ගේට්ටුව ළඟ අඬ අඬ ඉන්නෙ ඇයි ?

දුප්පත් මිනිස්සුන්ගෙ ‌නෝනලා, අම්මලා විතරක් මහර බන්ධනාගාර ‌ගේට්ටුව ළග අඬ අඬ ඉන්නෙ නීතිය සැමට සමාන නැති නිසා බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පුබුදු ජයගොඩ පවසයි. නීතිය සැමට සමාන නම් මහර ගේට්ටුව ළඟ පාර්ලිමේන්තුවේ සිටින, රජයේ ඉහළ නිලතලවල සිටින අයගේ නෝනලා සහ අම්මලා ද සිටිනු ඇති බව ඔහු පවසයි.

මහර සිරකරුවන් ඝාතනය කිරීමට එරෙහිව අද පැවැති ඒකාබද්ධ මාධ්‍ය හමුවේදී පුබුදු ජයගොඩ මේ අදහස් පැවසීය,

පුබුදු ජයගොඩ වැඩිදුරටත් පැවසුවේ,

“මහර බන්ධාගාරයේ ඉන්න හරි අඩක්ම රක්ෂිත බන්ධාගාර ගතවූවන්. ඒ අය අධිකරණයකින් වැරදිකරුවන් වූ අය නෙමෙයි. ඒ අය දැනට පවතින නඩුවලට අවශ්‍ය නිසා රිමාන්ඩ් කරපු අය. සමහර අය කරලා තියෙන වැරදි ඇප දිය හැකි වැරදි. ඒ නිසා රැඳවියන්ගේ ලොකු ඉල්ලීමක් තිබුණා නඩු කඩිනම් කරලා ඒගොල්ලන්ව නිදහස් කරන්න කියලා. ඇප දෙන්න කියලා. ඒවා මොනවත් ක්‍රියාත්මක වුණේ නැහැ. කඩිනම් කරපු නඩු තියෙනවා. මහර සිද්ධියට පහුවෙනිදා බැසිල් රාජපක්ෂට මහජන මුදල් වංචාව පිළිබද නඩු කඩිනමින් අහලා ඉවර කරා. ඊට කලින් රුපියල් මිලියන 600ක රජයේ මුදලින් සිල් රෙදි බෙදපු සිදුවීමට විරුද්ධව අනූෂ පැල්පිට, ලලිත් වීරතුංගට එරෙහි නඩු කඩිනමින් අවසන් කළා. රුපියල් මිලියන 1000ක බදු වංචාවකට සීල් තියලා තිබුණි ජොන්ස්ටන්ගේ අරක්කු ෆැක්ටරියේ නඩුව අවසන් කරලා කිසිදු වන්දි ගෙවීමකින් තොරව ඒකෙ බලපත්‍රය නැවත දුන්නා. බදුර්දීන්ට ඇප දුන්නා. පිල්ලෙයාන්ට ඇප දුන්නා. සමහර නඩු අවසන් කරා. උදාහරණයකට ලලිත් – කූගන් නඩුව අවසන් කරලා එකෙ සිතාසි පවා අවලංගු කරලා නඩුවට පදනමක් නෑ කියලා අභියාචනාධිකරණය ඒක අවසන් කළා. ඉතාම කාර්යක්ෂම නඩු ඇසීමක් වෙනවා දේශපාලනයට සමබන්ධ නඩුවලට. ”

Share post:

Popular

වෙනත් පුවත්

“මල් මල් බයිසිකලය” – ජීවිත සාරයට දරුවන්ට

දුව පුතගොඩ වෙන්නමේ මල් මල්බයිසිකලයට අමතක නොවනරවුමක් යමු අපි මේ ලහිරු...

පළාත් සභා තේරීම් කාරක සභාව විපක්ෂය වර්ජනය කරයි

අද (සැප්තැම්බර් 10) පැවති පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන්...

ඥාණසාර භික්ෂුවට මෛත්‍රී දුන් සමාව රිවස් කරයි

2019 වසරේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පූජ්‍ය ගලගොඩඅත්තේ...

අසියානු කුසලාන කාන්තා තීරණාත්මක තරඟ තුන හෙටින් ආරම්භ වේ .

2026 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය...