පෞද්ගලික අංශයට ලබාදෙන PCR පරීක්ෂණ ප්‍රමාණය වැඩිකිරීමට තීරණය කරයි

දැනට පවතින තත්ත්වය මත කොවිඩ් – 19 ආසාදිිතයින් ගේ P.C.R. පරීක්ෂණ කටයුතු සිදුකිරීම සඳහා පෞද්ගලික රෝහල් වල සහය වැඩිකරගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත.

ඒ අනුව පෞද්ගලික රෝහල් අනුගමනය කළයුතු ක්‍රියාමාර්ග පිළිබඳව දැනුවත් කිරීම සඳහා 02 දින සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චිගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍ය කාර්යාලයේදී විශේෂ රැස්වීමක් පවත්වා තිබේ.

ඒ අනුව පෞද්ගලික රෝහල් වල තිබෙන පරීක්ෂණාගාර වල සිදු කෙරෙන,

P.C.R. පරීක්ෂණ නියාමනය කිරීම
P.C.R. පරීක්ෂණ වල ප්‍රමිතිය වැඩි දියුණු කිරීම
සිදු කරනු ලබන P.C.R. පරීක්ෂණ වල ධාරිතාවය වැඩි කිරීම
යන ප්‍රධාන කරුණු පිළිබදව මෙහිදී සාකච්ඡා කෙරිණි.ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියාමනය යටතේ මෙම P.C.R. පරීක්ෂණ කටයුතු සිදු කිරීමට පෞද්ගලික රෝහල් කළමණකාරිත්වය සිය එකගතාවය පළ කර ඇත.

ඒ අනුව පැහැදිලිවන්නේ වසංගතය උග්‍ර වී ඇති මේ මොහොතේ පවා ආණ්ඩුව PCR යන්ත්‍ර මිලදී ගෙන සෞඛ්‍ය පහසුකම් වැඩිකිරීමට කිසිදු වුවමනාවක් නොදක්වන බවයි.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්පලිස්...

සියැටල් බැටළු හමින් සඟවාගත් ආණ්ඩුවේ පරිසර සංහාරයේ නිරුවට එළිකරන අම්පාරේ, ලංවා සහල් මෝල් ව්‍යාපෘතිය

අම්පාර දිස්ත්‍රික්කයේ, උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කරන්ගාව ප්‍රදේශයේ...

සරත්චන්ද්‍ර ගේ “බෝ දෑ නික්මෙති”

මේ කවියා සරත්චන්ද්‍රර වල්පොල නොහොත් බොහෝ සමීපතමයන්ගේ ආමන්ත්‍රණවාචී "සරා"...

මට කොහොමටවත් මතක නෑ මගේ එක මොකක්ද කියල .

Mauro Biani ඉතාලියේ ජනරජ පුවත්පත වෙනුවෙන් Mauro Biani විසින් ඇඳි කාටූනයක්