අද 20 වැනි කොරෝනා මරණය වාර්තා වෙයි – නව ආසාදිතයින් 239ක්

මෙරට 20 වැනි කොරෝනා ආසාදිත මරණය කොළඹ ජාතික රෝහලෙන් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි කාන්තාවකි.

මෙම කාන්තාව වමනය සහ දියවැඩියා රෝග තත්වයකට ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (30) මියගොස් ඇති අතර අද ලැබුණු ඇයගේ පීසීආර් පරීක්ෂණ වාර්තාව අනුව ඇය කොරෝනා ආසාදිතයකු බව තහවුරු වූ බවයි වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර පවසයි.

මේ අතර අද (31) රාත්‍රී 9.35 වනවිට නව ආසාදිතයන් 239 දෙනෙකු වාර්තා වී තිබේ.

එයින් 59 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවල සිටි අය වන අතර, 180 දෙනෙකු පෑලියගොඩ සහ ධීවර වරායන්හි ආශ්‍රිතයන් බව පැවසේ.

මේ දක්වා එම පොකුරේ සමස්ත ආසාදිතයන් ගණන 6946 ක් වූ අතර අද හඳුනාගත් පිරිස සමඟ සමස්ත පොකුරෙහි අගය 7185 කි.

Share post:

Popular

වෙනත් පුවත්

ජීවිතය හරි ලස්සනයි .ඒක මට දැනූණෙ පුංචිම කාලේ ඉඳලා.

බහතේරෙන වයසෙ ඉඳන් ම මං කැමැතියි නව දේවල් ගැන...

බදු අඩුකරන්න අවුරුදු 2-3ක් යනවලු

ජනතාවට මූල්‍ය සහන සැලසීමේ ප්‍රයත්නයක කොටසක් ලෙස, ඉදිරි වසර...

සිව්රට බය ආණ්ඩුව

භික්ෂූන් වහන්සේ බන්ධනාගාර තුළ රඳවා තැබීම සහ බන්ධනාගාරයෙන් බැහැරට...