සිංහරාජය ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත් වීමේ අවදානමක – ලංකාගම මාර්ගය ගැන ‘යුනෙස්කෝ’ කරුණු විමසයි

“ලෝක උරුම දේපලක්” වන සිංහරාජ රක්ෂිතය හරහා ඉදිවෙන “කොන්ක්‍රීට් මාර්ගයේ” ඉදිකිරීම්වලට අදාළව යුනෙස්කෝ සංවිධානය විසින් වැඩිදුර තොරතුරු ඉල්ලා ඇති බවත් තොරතුරු ලබා නොදුනහොත් එය ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත් කිරීමේ අවදානමක් පවතින බවට පරිසර සංවිධාන අනතුරු අඟවා තිබේ.

සිංහරාජ රක්ෂිතයේ “විශිෂ්ට විශ්වීය වටිනාකමට” අහිතකර ලෙස බලපෑ හැකි, ඒ ඔස්සේ වැටී ඇති මාර්ගයක ඉදිකිරීම් කටයුතු සම්බන්ධයෙන් යුනෙස්කෝ ලෝක උරුම මධ්‍යස්ථානය වෙත තෙවෙනි පාර්ශවීය තොරතුරු ලැබී ඇති බව යුනෙස්කෝ සංවිධානය පසුගිය ඔක්තෝම්බර් 09 වෙනිදා නිකුත් කළ විවෘත ලිපියක දැක්විණි.

“මාර්ගයේ සංවර්ධන කටයුතු තාවකාලිකව අත්හිටුවනු ලැබ ඇතැයි වාර්තා වී තිබුණ ද ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයාගේ නියෝගය පරිදි එම කටයුතු නැවත ආරම්භ කර ඇතැයි පෙනෙන්නට තිබෙන” බව එහි වැඩිදුරටත් සඳහන් විය.

පැරිසියේ පිහිටි යුනෙස්කෝ මූලස්ථානය විසින් ඒ සම්බන්ධයෙන් විමසීමක් කරනු ලැබ ඇති බව එහි ශ්‍රී ලංකාවේ නියෝජිත ආයතනය වන ශ්‍රී ලංකා යුනෙස්කෝ ජාතික කොමිෂන් සභාව තහවුරු කර තිබේ.

ලංකාගම මාර්ගය සම්බන්ධයෙන් යුනෙස්කෝව වෙත වාර්තා කරන ලද පරිසර සංවිධානයක් වෙන සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් පවසා ඇත්තේ පරිසර වාර්තා ඇතුළු ලංකාගම මාර්ග සංවර්ධන ව්‍යාපෘතියට අදාළ තොරතුරු යුනෙස්කෝ සංවිධානය වෙත ලබා දීමට ශ්‍රී ලංකාව බැඳී සිටින බවයි.

“ලෝක උරුම දේපලක්” තුළ හෝ ඉන් පිටත සංවර්ධන ව්‍යාපෘති සහ ක්‍රියාකාරකම් සැලසුම් කිරීමට පෙර පාරිසරික බලපෑම් තක්සේරු වාර්තාවක් (EIA), උරුම බලපෑම් තක්සේරු වාර්තාවක් සහ / හෝ උපායමාර්ගික පාරිසරික තක්සේරු වාර්තාවක් ලබා ගත යුතු බව මාර්ගෝපදේශ තුළ විශේෂයෙන් සඳහන් කර ඇති බව යුනෙස්කෝ සංවිධානය නිකුත් කළ ලිපියේ දැක්වේ. එවැනි අධ්‍යයනයක් හෝ තක්සේරුවක් කර ඇත්නම්, මාර්ගයේ ඉදිකිරීම් කටයුතු යළි ආරම්භ කිරීමට මත්තෙන් එම තොරතුරු වහා ඉදිරිපත් කරන ලෙස යුනෙස්කෝ සංවිධානය ශ්‍රී ලංකා බලධාරීන්ගෙන් ඉල්ලා ඇති බව ඉහත කී විවෘත ලිපියේ දැක්වේ.

Share post:

Popular

වෙනත් පුවත්

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...