Breaking News

පොම්පියෝ එන්නෙ තොටළඟ තොරණ බලන්න නෙමෙයි, ඇමරිකාවෙ කුට්ටිය ඉල්ලන්න – දුමින්ද නාගමුව

මයික් පොම්පියෝ ලංකාවට පැමිණෙන්නේ ආණ්ඩුව කියන ආකාරයට නිකම් නොවන බවත් මේ එන්නේ තමන්ගේ බල ප්‍රදේශය සටහන් කර යාමට බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව පවසයි. අද(28) පැවති මාධ්‍ය හමුවකදී ඔහු පැවසුවේ ලංකාවේ චීනය සමඟ තිබෙන විවිධ ස්ථානගත වීම්වලට එරෙහිව ඇමරිකා එක්සත් ජනපදයද ලංකාව තුළ ස්ථානගතවීම සඳහා විවිධ ගිවිසුම්වලට එළඹීමට උත්සාහ කරමින් සිටින බවයි. මේ පැමිණෙන්නේ ඒ අරමුණ සහිතව බව දුමින්ද නාගමුව පවසා තිබේ.

“මයික් පොම්පියෝ කියනවා අත්‍යවශ්‍ය මුහුදු මාර්ග ගැන එකඟතාවයකට ආවා කියලා. ඒ වගේම ආරක්ෂක සහයෝගිතාවය සඳහා ඒකාබද්ධ අභ්‍යාස කරන්න කතා කරලා තියෙනවා. මොකක්ද ඒ? මේ අභ්‍යාසවලට ලංකාව සම්බන්ධ වෙන්නෙ කොහොමද? දැනටමත් මේ කණ්ඩායම් දෙකම එක්සත් ජනපදය සමඟ ආරක්ෂක ගිවිසුම්වලට ඇතුල් වෙලා පැහැදිලි පාවාදීමක් කරලා තියෙනවා. ACSA ගිවිසුම පළමුවරට අත්සන් කරන්නෙ ගෝඨාභය රාජපක්ෂ. ඒ ගිවිසුම නැවත දික් කරනවා 2017 රනිල් වික්‍රමසිංහ අත්සන් කරලා. අපි දැනටත් එක්සත් ජනපදය මේ කලාපයේ කරන යුද්ධයකදී සහයෝගය දක්වන්න බැඳිලා ඉන්නවා. ඊළඟට තවත් යුධමය ගිවිසුමක් වූ SOFA ගිවිසුම අත්සන් කරන්න යෝජනා වෙලා තියෙනවා. අද මේ ගිවිසුම අත්සන් කරාද කියලා දන්නෙ නෑ. නමුත් රටක් විදිහට අඩියෙන් අඩිය යන්නෙ මේ අනතුරට. චීන උගුලටත් අපි හිරවෙලා, ඇමරිකා උගුලටත් අපි හිරවෙලා. අනිත් පැත්තෙන් ඉන්දියාව එක්කත් අපි ගිවිසුම් අත්සන් කරනවා. ලෝක යුද්ධයක් අපේ හිසමත පටවා ගන්නවා වගේ වැඩක් මේ කරන්නෙ”

leave a reply