වෙළඳ කලාප සේවිකාවන්ට අපරාධකරුවන්ට මෙන් සැළකීමට එරෙහිව මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

නිදහස් වෙළඳ කලාපයේ සේවිකාවන් නිරෝධායනයට යොමුකිරීමේදී හමුදාව විසින් අසාධාරණ ලෙස සැලකූ බව චෝදනා කරමින් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. මෙම පැමිණිල්ල යොමුකර ඇත්තේ සේවිකාවන් 98 දෙනෙකු වෙනුවෙන් නිදහස් වෙළඳ කලාපයේ සේවිකාවන් සමඟ කටයුතු කරන සංවිධාන කිහිපයක් විසිනි.

නිදහස් වෙළද කලාප සේවිකාවන් 98 දෙනෙකුගෙන් යුතු පිරිසක් හමුදාව විසින් හමුදාව විසින් බලහත්කාරයෙන් නිරෝධායනය සඳහා යොමුකිරිම , ඔවුන්ට අමානුෂික ලෙස සැලකීම, ඔවුන්ව සෞඛ්‍යාරක්ෂිත නොවන තැන්වල රඳවා තැබීම සහ අනාරක්ෂිත ලෙස ප්‍රවාහනය කිරීමට එරෙහිව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිවත් කර තිබේ. මේ පැමිණිල්ල ඉදිරිපත්කර ඇත්තේ කොවිඩ් -19 අවම කිරීම සඳහා වූ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ (NOCPCO) ප්‍රධානී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති, ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාට සහ මෙම සේවිකාවන් වටලෑමට යවන ලද ශ්‍රී ලංකා හමුදා නිලධාරීන්ට එරෙහිව ය. මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇති සංවිධාන වන්නේ ස්ටෑන්ඩ් අප් මූව්මන්ට් ලංකා, දාබිඳු සාමූහිකය , මානව සංවර්ධනය සඳහා විප්ලවීය පැවැත්ම (RED), ශ්‍රම අභිමානී කේන්ද්‍රය යන සංවිධානයි.

Share post:

Popular

වෙනත් පුවත්

'තෝරෛ' නවකතාව ගැන ආරක්ෂක අමාත්‍යාංශයේ අවසරය ඉල්ලයි! තම්ල් ලේඛක ප්‍රදීප්...

ප්‍රංශ අරගලයයි මාධ්‍ය ඉස්මතු කරන දේයි අතර වෙනස 

ධනපති පාලකයන් විසින් ජනතාව පීඩාවට පත් කිරීමට එරෙහිව ගොඩනැගෙන...

ප්‍රංශයේ මොකද වෙන්නේ? ඉතාලියේ මොකද උනේ?

ප්‍රංශයෙන් ආරම්භ වුණු ශිෂ්‍ය විරෝධතා රැල්ල පිළිබඳව ලෝක මට්ටමින්...

දුමින්ද හුලංගමුවගේ අයිතිය පිළිබඳ ප්‍රශ්නයක්

දුමින්ද හුලංගමුව මහතා ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආර්ථික උපදේශක...