වෙළඳ කලාප සේවිකාවන්ට අපරාධකරුවන්ට මෙන් සැළකීමට එරෙහිව මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

නිදහස් වෙළඳ කලාපයේ සේවිකාවන් නිරෝධායනයට යොමුකිරීමේදී හමුදාව විසින් අසාධාරණ ලෙස සැලකූ බව චෝදනා කරමින් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. මෙම පැමිණිල්ල යොමුකර ඇත්තේ සේවිකාවන් 98 දෙනෙකු වෙනුවෙන් නිදහස් වෙළඳ කලාපයේ සේවිකාවන් සමඟ කටයුතු කරන සංවිධාන කිහිපයක් විසිනි.

නිදහස් වෙළද කලාප සේවිකාවන් 98 දෙනෙකුගෙන් යුතු පිරිසක් හමුදාව විසින් හමුදාව විසින් බලහත්කාරයෙන් නිරෝධායනය සඳහා යොමුකිරිම , ඔවුන්ට අමානුෂික ලෙස සැලකීම, ඔවුන්ව සෞඛ්‍යාරක්ෂිත නොවන තැන්වල රඳවා තැබීම සහ අනාරක්ෂිත ලෙස ප්‍රවාහනය කිරීමට එරෙහිව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිවත් කර තිබේ. මේ පැමිණිල්ල ඉදිරිපත්කර ඇත්තේ කොවිඩ් -19 අවම කිරීම සඳහා වූ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ (NOCPCO) ප්‍රධානී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති, ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාට සහ මෙම සේවිකාවන් වටලෑමට යවන ලද ශ්‍රී ලංකා හමුදා නිලධාරීන්ට එරෙහිව ය. මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇති සංවිධාන වන්නේ ස්ටෑන්ඩ් අප් මූව්මන්ට් ලංකා, දාබිඳු සාමූහිකය , මානව සංවර්ධනය සඳහා විප්ලවීය පැවැත්ම (RED), ශ්‍රම අභිමානී කේන්ද්‍රය යන සංවිධානයි.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...