ප්‍රතිපාදන ලබා නොදීමෙන් අම්බලන්ගොඩ රෝහලේ රෝගීන්ට ආහාර ලබාදීම නවතියි

අම්බලන්ගොඩ රෝහලේ රෝගීන්ට හා කාර්යමණ්ඩලයට ආහාර සැපයීමේ ටෙන්ඩරය සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයෙන් මුදල් නොගෙවීම නිසා එම රෝහලේ ආහාර සැපයුම නැවතී තිබේ.

මේ වනවිට අම්බලන්ගොඩ දිසා රෝහලේ 21 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයක් සේවයකරන අතර නේවාසිකව රෝගීන් 100කට පමණ ප්‍රතිකාර ලබාගැනීමේ පහසුකම් ඇත. එසේවුවද දිසා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන්ට සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට ඔක්තෝබර් 04 වනදා සිට ආහාර නොලැබෙන බව ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය පවසයි.

එම සේවක සංගමය විසින් රෝහල් පරිපාලනයෙන් කළ විමසීමකදී හෙළිව ඇත්තේ මේ දක්වා රෝහලට ආහාර සැපයූ අයට මාස 03 කින් නියමිත ගෙවීම් සිදුකර නැති බවය. එසේ මුදල් නොගෙවීමත් ලබා දෙන මුදල ඉතා අඩු අගයක් නිසාත් ඉදිරි කාලයට ආහාර සැපයුම් ටෙන්ඩරය ලබා ගැනීම සදහා කිසිවෙක් ඉදිරිපත් නොවීම නිසා රෝහල වෙත ආහාර සැපයීම නැවතී ඇත. වෙනත් රෝහල්වලද මෙබඳු තත්වයන් සිදුවෙමින් පවතින බව අප වෙත දැනගන්නට ලැබුණි.

රෝහල්වලට අවශ්‍ය වැයශීර්ෂ රජයේ ප්‍රතිපාදන මගින් නොලැබීම නිසා මේ ආකාරයට අත්‍යවශ්‍ය සේවාවක්වන රෝහල්වල ආහාර සැපයුම නැවතී ඇත.

Share post:

Popular

වෙනත් පුවත්

සයිමන්, ටෙනිසන්, සමන් ත්‍රිකෝණය එක්ක වෙඩිවර්ධනත් කියවන්න

කොළඹ දිස්ත්‍රික්කයේ මැතිවරණ ආසන පහළොවෙන් එකක් රත්මලාන ය. එහෙව්...

තරුණ විරැකියාව තවත් ඉහළට

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් පසුගියදා නිකුත් කළ නවතම...

විදුලි අර්බුදය තවමත් විසඳී නැහැ

පසුගියදා සිදුවූ විදුලිය බිඳවැටීමෙන් පසු මෙරට ප්‍රධානතම ගල් අඟුරු...

PSTA වගේම තවත් මර්දනකාරී පනතක් ගැන සාලිය පීරිස්ගෙන් අනතුරු ඇඟවීමක්

රජය විසින් ඉදිරිපත් කර ඇති සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ නව...