හොරණ රෝහලේ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් PCR පරීක්ෂණයට යොමුකර නැහැ – රෝහල් සේවකයන් විරෝධතාවයක

හොරණ රෝහලේ හෙදියන් දෙදෙනකුට කොරෝනා ආසාදිත බව තහවුරු වීමෙන් පසුවත් අනෙකුත් සේවකයන් නිසි සෞඛ්‍ය පරීක්ෂණ ක්‍රියාවලියකට යොමු කරමින් රෝග ව්‍යාප්තිය පාලනයට කටයුතු නොකිරීමට විරෝධය දක්වා හොරණ රෝහලේ සෞඛ්‍ය සේවකයින් විසින් අද(09) විරෝධතාවක් පවත්වා තිබේ.

රෝහල් සේවකයන් පවසන්නේ තම ජිවිත මෙන්ම රෝගීන්ගේ ජිවීත අවදානමේ දැමීමට බලධාරීන් කටයුතු කරමින් සිටින බවයි.

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කළ කොරොනා ආසදිත අයෙකුගේ බිරිඳ හොරණ මූලික රෝහලේ හෙදියක් වන අතර ඇයට කොරෝනා අසාදිත වීමත් සමඟ ඇය සමඟ සේවය කළ පස් දෙනෙකුගේ පමණ පිරිසක්ද පීසීආර් පරීක්ෂණයට යොමුකර තිබුණි. එහිදී තවත් හෙදියකට කොරෝනා ආසාදිත බව තහවුරු වී තිබේ.

මෙම හෙදියන් සේවය කළ වාට්ටුවේ සේවය කරන වෛද්‍යවරුන් වෙනත් වාට්ටු කරාත් යන බැවින් රෝගය ව්‍යාප්ත වීමේ වැඩි අවදානමක් පවතින බව රෝහල් සේවකයින්ගේ අදහස වී තිබේ. ඔවුන් පවසන්නේ බලධාරීන් විසින් හොරණ රෝහලේම සේවකයන් වහාම පීසීආර් පරීක්ෂණ සඳහා යොමුකළ යුතු වුවත් ආසදිතයින්ගේ ආශ්‍රිතයින් පවා තවමත් එම පරීක්ෂණ සඳහා යොමු කර නොමැති බවයි. එම ආශ්‍රිතයින් තවමත් සේවය සඳහා පැමිණෙන බවද වාර්තා වේ.

කෙසේ වෙතත් අද පැවති විරෝධතාවයෙන් පසුව සියලුම රෝහල් කාර්යමණ්ඩලය හට පී.සී.ආර්. පරීක්ෂණ කිරීමට ගත් තීරණයක් අනුව විරෝධතාව අවසන් කිරීමට තීරණය කර තිබේ. නමුත් රෝහල් සේවිකාවක් ලංකාවීව්ස් වෙත අදහස් දක්වමින් පැවසුවේ දිනකට පී.සී.ආර්. කොපමණ සංඛ්‍යාවක් කරන්නේද යන්න බලධාරීන් පවසා නොමැති බවයි. ඒ අනුව මෙම තීරණය පමණක් කිසිසේත් ප්‍රමාණවත් නොවන බවද රෝහල් සේවකයන්ගේ අදහස වී ඇත.

Share post:

Popular

වෙනත් පුවත්

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...

දීපචෙල්වම්ගේ කෘති නිදහස් කරන්නැයි නියෝගයක්

දීපචෙල්වම් ප්‍රදීපන්ගේ නම් ලේඛකයා විසින් රචිත ලද දෙමළ භාෂා...

IMF එක්ක දීගය අතාරින්න සූදානම් නෑලු

ශ්‍රී ලංකාව ළඟා කරගත් ආර්ථික ස්ථායීතාවය ආරක්ෂා කරගනිමින් ආර්ථික...