Breaking News

මහ මොළකරුවන් හසු නොවෙන මත්ද්‍රව්‍ය ජාවාරමේ  මාධ්‍ය සංදර්ශන

ලෝකයේ බොහෝ රටවල තරුණ පරපුර මත්ද්‍රව්‍ය උවදුරේ ගොදුරු බවට පත්වෙලා ඉන්නවා . මත්ද්‍රව්‍ය උවදුර මැඩලීම සඳහා රජයන් විවිධ ක්‍රියාමාර්ග අනුගමනය කරන බව අපිට පේන්න තියෙනවා.  මෛත්‍රිපාල  සිරිසේන ජනාධිපති වූවායින් පසුව මත්ද්‍රව්‍ය උවදුර මැඩලීම සඳහා මත්ද්‍රව්‍ය  ජාවාරමට සම්බන්ධ පුද්ගලයන්ට මරණ දඬුවම ලබා දීම සඳහා  මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට ද කටයුතු කරමින් සිටියා. විවිධ මාධ්‍ය සංදර්ශන පවත්වමින් මත්ද්‍රව්‍ය  අත්අඩංගුවට ගනිමින්  විවිධ  ක්‍රියාමාර්ග ගන්නා බව පෙන්නුවත්   අවසානයේ ඒවා සන්දර්ශන බවට පත් වුණු බව අපට දැකගන්න පුලුවන්.   ගෝඨාභය රාජපක්ෂ මත්ද්‍රව්‍ය උවදුර මැඩලීම සඳහා දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව පවසමින් මේ වන විට මත්ද්‍රව්‍ය වැටලීම් පිළිබඳ   පුළුල් ප්‍රචාරයක් ගෙන යමින් තිබෙනවා. කෙසේ වෙතත් මේ මත්ද්‍රව්‍ය ජාවාරමේ මහ මොළකරුවන්  හසුකරගැනීමට ගෝඨාභයටත් තවම හැකියාවක් ලැබී නැහැ. මත් ද්‍රව්‍ය භාවිතා කරන්නන් සහ මත්ද්‍රව්‍ය ජාවාරමේ අවසානයේ සිටින ප්‍රාදේශීය බෙදාහරින්නන් පමණක් ආණ්ඩුවේ මත්ද්‍රව්‍ය මර්දනය නීතියට හසු වෙනවා හැර මත්ද්‍රව්‍ය  ගෙනඑන මහා පරිමාන ජාවාරම්කරුවන්  අත්අඩංගුවට ගැනීමට අපොහොසත් වී තිබෙනවා.  ගෝඨාභයගේ මේ මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමේ ක්‍රියාවලිය පෙනෙන්න තිබෙන්නේ සංදර්ශනයක් ලෙස පමණයි.

ඉතාලි තරුණ පරපුර ද මේ මත්ද්‍රව්‍ය  උවදුරේ ගොදුරු බවට පත්වෙලා ඉන්නවා. ඉතින් අපි දකිනවා ලංකාවේ සේම, අත්අඩංගුවට ගැනීම්, සිරගත කිරීම් , දඬුවම් දීම් සිදු වෙනවා.  ලංකාවේ සේම  මත්ද්‍රව්‍ය ජාවාරමේ මහ මොළකරුවන් ඉතාලි පොලිසියට පවා අත්අඩංගුවට ගැනීමට හැකියාවක් නැහැ. මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීම සඳහා ඉතාලියේ Vicenza  නගරය විශේෂ  වැඩපිළිවෙලක් යෝජනා කරමින් ක්‍රියාත්මක කරමින් සිටිනවා.  ඒ තමයි මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්නන්ට යුරෝ 400  දඩයක් ගැසීම.  ඔවුන් මේ දඩ ගැසීම තුළින් බලාපොරොත්තු වෙන්නේ මත්ද්‍රව්‍ය පාවිච්චිය අඩු කිරීම. ාවකාලික නීතියක් යටතේ අත්හදාබැලීමක් ලෙස තමයි මෙය දැනට ක්‍රියාත්මක වෙන්නේ.  ඔක්තෝම්බර් මාසේ තිස් වැනිදා මෙම නීතිය බල රහිත වීමට නියමිතයි.  නගරාධිපතිවරයා පවසන්නේ එය තවදුරටත් බලාත්මක කිරීමට ඔවුන් නිරීක්ෂණය කරමින් සිටින බවයි.  කෙසේ  වෙතත් මෙම ක්‍රියාවලිය හරහා ද කිසිදු මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන  පෙළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන නැහැ,  දඩ ගැසීම් වලට යටත් වී තිබෙන්නේ  මත්ද්‍රව්‍ය  ජාවාරමේ අවසාන පෙළ සිටින බෙදාහරින්නන් සහ මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්නත් පමණයි.

 සමස්ත ලෝක දේශපාලනය හා අත්වැල් බැඳ ගත් මේ දැවැන්ත ජාවාරම ලෝකයේ ප්‍රධාන පෙළ ආදායම් මාර්ගය බවට පත් වී තිබෙනවා.   යම් රටක රජයක් මේ උවදුර  මුලිනුපුටා දැමීමට කටයුතු කරන්නේ නම් ඔවුන් මුලින්ම කළ යුත්තේ ජාවාරමේ  මුල්පෙළ සුද්ද කිරීමයි.  මත්ද්‍රව්‍ය  පාවිච්චි කරන්නාට දඩ ගැසීමෙන් මෙය වළක්වා ගන්න හෝ මර්දනය කරන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ.   මත්ද්‍රව්‍ය ජාවාරම මර්ධනය කරන්න  ක්‍රියා  මාර්ග ගන්නා බොහෝ රාජ්‍යන්  තාවකාලිකව තම රට වැසියාට   වින්දනයක් ලබාදීම සඳහා  මාධ්‍ය සංදර්ශන වලට අවශ්‍ය අමුද්‍රව්‍ය සපයා දීමයි.

leave a reply