මෛත්‍රී කෙලව ගන්නෙ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් කෙළවරයි

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ රුව සහ නම ඇති ස්ථාන වසා තබන ලෙස දන්වමින් පොළොන්නරුව මැතිවරණ කාර්යාලය යොමුකළ ලිපියකට ප්‍රතිචාර දක්වමින් දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන ප්‍රධානියෙක් පිළිතුරු ලිපියක් යවමින් තම බල ප්‍රදේශයේ එවැනි පුවරු සහ ඵලක 3000 ක් පමණ තිබෙන බවත් ඒවායේ රුව සහ නම වසා තැබීමට තම ආයතනයට මුදල් නොමැති බවත් ලිපියකින් දන්වා ඇතැයි වාර්තා වේ.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ධූරකාලයේදී පොළොන්නරුවේ සිදුකරන ලද ව්‍යාපෘතිවල විස්තර ඇතුළත් සමරුඵලක හා පුවරුවල මෛත්‍රීපාල සිරිසේනගේ රුව සහ නම ඇතුළත්ව තිබේනම් මැතිවරණ කාල සීමාව තුළ එම නම සහ රුව වසා තබන්නැයි පොළොන්නරුව දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලය දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන වලට දැනුම් දී ඇත.

මෛත්‍රීපාල සිරිසේන අපේක්ෂකයෙකු ලෙස මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් කර ඇති බැවින් ඔහුගේ රුව සහ නම මෙම පුවරු සහ සමරු ඵලක වල ප්‍රදර්ශනය වීම අපේක්ෂක ප්‍රවර්ධනයට වක්‍රාකාරයෙන් බලපාන නිසා මෙම පියවර ගන්නැයි සහකාර මැතිවරණ කොමසාරිස් පියුමි ආටිගල පොළොන්නරුව නාගරික කොමසාරිස්වරුන්ට සහ ප්‍රාදේශීය සභා වල ලේකම්වරුන්ට යොමුකළ ලිපියක දක්වා ඇත.

මේ අතර පොළොන්නරුව මැතිවරණ කාර්යාලයේ ලිපියට පිළිතුරු සපයමින් පළාත් පාලන ආයතන ප්‍රධානියා පවසා ඇත්තේ අවශ්‍ය මුදල් ලබා දෙන්නේ නම් සමරු ඵලකවල හිටපු ජනාධිපතිවරයාගේ නම සහ රුව වසා තැබීය හැකි බවයි.

Share post:

Popular

වෙනත් පුවත්

මිලියනයකට ආසන්න ප්‍රංශ ජනතාවක් අද පාරට බැහැලා .

මැක්‍රොන්ගේ උද්ඝෝෂණ තහනම නොතකා අද   ප්‍රංශය පුරා උද්ඝෝෂණ පවත්වනු...

‘මරණය අසල නිසලව’ යනු ස්වයංචරිතාප්‍රදානයකට වඩා එහා ගිය කෘතියකි

ශ්‍රී ලංකාවට මුහුණු වර දෙකකි . විදේශීය අමුත්තන් විසින්...

පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය

ජාතික පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් ලිංගිකව එක්වන, රති...

ප්‍රංශ අරගල හේතුවෙන් Louvre – Picasso – d’Orsey තාවකාලිකව වසා දමයි 

ඔක්තෝබර් 24 වැනිදා පැවැත්වීමට නියමිත උද්ඝෝෂණ ව්‍යාපාරය හේතු කරගෙන...