නාගයින්ගෙ සංසර්ගය ( Courtship of Naja naja )

ගොඩක් සත්තු සංසර්ගයේ යෙදෙන්නෙ තමන්ගෙ වර්ගය බෝකරගැනීමේ අරමුණෙන් විතරයි. සර්පයින්ගෙ උනත් එහෙමයි. ගොඩක් අය පටලගන්න දෙයක් තමයි සර්පයින්ගෙ සටන් රංගන ( combat dances ) & අද කියන්න යන සංසර්ගය ( courtship ) කියන දෙක.

මේ ලිපියෙන් මූලිකවම කතාකරන්නෙ නාගයා ( Naja naja ) ගෙ සංසර්ගය ගැන. මේක සටන් රංගනයකින් වෙන් කරගන්න පුලුවන් පලවෙනි කාරණය තමයි සර්පයින් දෙන්නම පෙනේ කරගෙන නොසිටීම, සටනකදි නම් සාමාන්‍යෙන් ප්‍රතිවාදීන් දෙන්නම පෙනේ කරගෙන ඉන්නව, නමුත් මෙතනදි ගැහැණු සතා විතරක් පෙනේ කරගෙන ඉන්නෙ. ඒ වගේම සටනකදි තියෙන වේගවත්බව සහ ප්‍රචන්ඩකාරිබව මේකෙදි නෑ, ඊට අමතරව ගත්තොත් පිරිමි සතා ගැහැණු සතා මත ඉන්නව දකින්නත් පුලුවන්.

සංසර්ගයේ දී සපාකෑමක සමීප ඡායාරූපයක

දැන් මේ සංසර්ග ක්‍රියාවලිය ගැන කිව්වොත්, මුලින්ම වෙන්නෙ කවුරුත් කරනව වගේ සහකාරියව වැඩේට කැමති කරවගන්න එක, මෙතනදි පිරිමි සතා ගැහැණු සතා මතට නැගල , ගැහැණු සතාව වෙලාගනිමින් තමන්ගෙ හොම්බෙන් ගැහැණු සතාගෙ පෙනය පිටුපස පිරිමැදීමක් කරනව. නයින්ගෙ ගැහැණු සත්තුත් ගැහුණු උදවියනෙ , ඉතින් මෙයාල වැඩේට කැමති උනත් එක පාර කැමැත්තක් පෙන්නන්නෑ ගණන් උස්සනව නැත්‍තන් අකැමැත්ත පෙන්නනව, මේ අවස්ථවෙදි වෙලිල ඉන්න ගමන්ම සතුන් දෙන්න අතර සපාකෑමක් හෝ ගැහැණු සතා ඉවත්වෙන්න උත්සහ කිරීමක් වෙන්න පුලුවන්. ඉන්පස්සෙ ගැහැණු සතාව තමන්ට අවනත කරගෙන පිරිමි සතා සංසර්ගය ආරම්භ කරනව, මේ අවස්තාවෙදිත් ගැහැණු සතා පෙනේ කරගෙන ඉන්න අතරෙ පිරිමි සතා පෙනේ නොකර ගැහැණු සතාගේ පෙනය පිටුපස හා ගෙල ප්‍රදේශය (neck biting ) සපාකෑමක් කරනව, නාගයින්ගෙ තියුණු දත් නිසා ගැහැණු සතාට තුවාල පවා වෙනවා . මෙතනදි විෂ ශරීරගත උනත් විෂට දක්වන ප්‍රතිශක්තිකරණය නිසා ගැහැණු සතාට විෂ වලින් හානියක් වෙන්නෑ. බොහෝ වෙලාවට ගැහැණු සතා පිරිමි සතා සපාකෑම කරනකල්ම පෙනේ පමණක් කරගෙන නිසොල්මන්ව ඉන්නවා බලාගන්න පුලුවන්. සංසර්ගය ඉවර උනත් සමහරවිට පිරිමි සතා ගැහැණු සතාගෙ වෙලිල ගැහැණු සතා සමගම මද දුරක් ගමන් කරනවා, ඉන්පස්සෙ දෙන්නා වෙන්වෙලා යෑම සිදුවෙනවා.

පහල ඡායාරූප පෙලෙන් මේ ක්‍රියාවලිය පියවරෙන් පියවර බලාගන්න පුලුවන්.

පළමු ඡායාරූපය , සංසර්ගයේ දී සපාකෑමක සමීප ඡායාරූපයක්, මෙහි සම්පූර්ණ අයිතිය Ravi shanker මහතා සතුවෙන අතර එය ලබාදීම සම්බන්ධයෙන් ඔහුට බෙහෙවින් ස්තූතිවන්ත වෙනවා.

 

 

 

 

 

 

Share post:

Popular

වෙනත් පුවත්

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...