ඉර්ෆාන් ඛාන් සමුගනියි!

Date:

 “ඔබ දිගටම සටන් කරා. මම හැමවිටම ඔබ ගැන ආඩම්බර වෙනවා. අපි නැවත හමුවේවි. සාමය සහ ශාන්තිය. ඉර්ෆාන් ඛාන් ආචාර වේවා!” ඉර්ෆාන් ඛාන්ගේ මිය යාම නිවේදනය කර  ට්වීටර් පණිවිඩයක් නිකුත් කරමින් ‘Piku’ චිත්‍රපට  අධ්‍යක්ෂ ශුජිත් සිකාර් පවසා තිබුණා.

53 වැනි වියේ පසුවූ ඉර්ෆාන් මුම්බායි නගරයේ රෝහලකදී මියගොස් ඇති බව වාර්තා වේ. 2018 වසරේදී තමන්ට මොළයේ පිළිකාවක් තිබෙන බව නිවේදනය කර තිබුණි. ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇති පරිදි ඔහු රෝහලට ඇතුලත් කර තිබුණේ මහ බඩවැලේ ඇතිවූ ආසාදනයක් හේතුවෙනුයි.
ඉර්ෆාන්ගේ උපන් ගම වන්නේ ජායිපූර් ආසන්නයේ පිහිටි ටෝනක් නම් ගමයි. මුස්ලිම් පවුලක උපන් ඉර්ෆාන් සහෝදර සහෝදරියන් තිදෙනෙකුගෙන් යුතු පවුලේ වැඩිමහල් දරුවායි. ඔහුගේ පියාගේ මරණින් පසු ඔහු ජාතික නාට්‍ය පාසලට ඇතුලත් වී රංගනය හදාරා තිබෙනවා. ඉර්ෆාන්ගේ මව වූ සයිඩා බෙගම් ද මිට දින කිහිපයකට පෙර මියගොස් ඇත.

ඔහු මුලින්ම ප්‍රසිද්ධ රංගනයට එක්වන්නේ 1988 වසරේ තිරගත වූ Salaam Bombay චිත්‍රපටය හරහායි. පසුව ඔහු වසර ගණනාවක් රූපවාහිනී නාට්‍යවලට පමණක් කොටුවීමට සිදුව තිබෙනවා. ඉර්ෆාන් ඛාන් එය හඳුන්වා ඇත්තේ එකතැන සිරවීමක් ලෙසයි. එහෙත් The Warrior චිත්‍රපටයේ රඟපෑමත් සමඟ ඔහු වෙතට  නැවතත් හොලිවුඩයේ මෙන්ම බොලිවුඩ් ප්‍රේක්ෂකයන්ගේ අවධානයය යොමු වෙනවා. ටික කාලයකින්ම ඉර්ෆාන් ඛාන් බොලිවුඩ් තුළ වගේම  හොලිවුඩය තුළත් ජය කෙහෙළි නංවන්න සමත් වෙනවා.  මේ අනුව Life of Pi, Slumdog Millionaire, The Mighty Heart සහ  Jurassic World යන චිත්‍රපටි හරහා මුළු ලෝකයේම අවධානය දිනා ගන්නවා.

ඔහු රඟපෑ අවසන් චිත්‍රපටය වන්නේ  Angrezi Medium චිත්‍රපටියයි.

ඊට අමතරව සම්මාන සඳහා පාත්‍රවූ චිත්‍රපට රැසක් සඳහා ඔහු  රංගනයෙන් දායක වී ඇත. Maqbool (2004), Paan Singh Tomar (2011), The Lunchbox (2013), Haider (2014), Gunday (2014), Piku (2015) and Talvar (2015) and Hindi Medium (2017) කිහිපයකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

Subscribe

spot_imgspot_img

Popular

More like this
Related

ආණ්ඩුවේ ජඩ බදු ක්‍රමය ගැන පුබුදුගෙන් අනාවරණයක්

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ රජයේ බදු...

අනුර හමුවෙන්න කලින් නීතිඥ සංගමයෙන් නිවේදනයක්

ජනාධිපතිවරයා සමග අද (අගෝස්තු 12) දින විනි­ශ්ච­ය­කා­ර­ව­රුන්ගේ විශ්‍රාම වයස්...

නව ගමන් බලපත්‍රයටත් ජෛවමිතික දත්ත ඇතුළත් කිරීමට සැරසෙයි

ප්‍රශ්නසහගත ජෛවමිතික දත්ත ඇතුළත් කිරීමේ ක්‍රමවේදය නව විද්‍යුත් ගමන්...

ජනමත විචාරණයක් ගැන නලින්දගේ උත්තරේ

රජය පාර්ශවයට ජනමත විචාරණයක් සම්බන්ධයෙන් තීරණයක් ගත නොහැකි බවත්...