P මහත්තයා ලොව සිටින වාසනාවන්තම පුද්ගලයෙකි.ස්පාඤ්ඤ උණද කොරෝනා වෛරසයනද පරදා දිවි රැක ගත්තෙකි

පසුගිය දිනක වයස අවුරුදු 101 පුද්ගලයෙකු ඉතාලියේ Rimini ප්‍රාන්තයේ රෝහලකින් COVID-19 රෝගයෙන් සම්පූර්ණයෙන් සුවය ලබා පිටව ගොස් තිබෙනවා. මොහු මීට පෙරද මෙවැනි ව්‍යසනවලට මුහුණ දී තිබෙනවා. එනම් මොහු උපත ලැබූ කාලයේ ලෝකය පුරා ස්පාඤ්ඤ උණ වසන්ගතයක් (Spanish flu) පැතිරී ගොස් තියෙනවා. එසේම දෙවන ලෝක යුද්ධයට පවා මොහුව හසුව තිබුනත් එයින් පවා ආරක්ෂා වී තිබෙනවා.

පසුගිය දිනක මොහු රෝහලෙන් පිටව ගිය අතර ඉතාලි මාධ්‍ය මේ පිළිබඳව වාර්තා කරමින් කියා සිටින්නේ මෙය ඉතා අසාමාන්‍ය සිදුවීමක් බවයි. අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයෙකු සුව වීම මුලු ඉතාලියට මෙන්ම ලෝකයටම අලුත් බලාපොරොත්තුවක් ඇති කරනවා.මිට පෙරද ඉතාලියෙන් වයස අවුරුදු 102 තැනැත්තියක් සුවය ලබා තිබුනා . මෙම නගරයේ උප නගරාධිපතිවරයා පවසන්නේ මෙය කෙසේ සිදුවනාද සිතා ගත නොහැකි බවයි.

මේ පුද්ගලයා උපත ලබා ඇත්තේ 1919 ස්පාඤ්ඤ උණ වසන්ගතයක් ලෝකය පුරා පැතිරෙන සමයේදී. එයින් ලෝකය පුරා මිනිසුන් මිලියන 30ත් 50ත් අතර ප්‍රමාණයක් මියගොස් තිබෙනවා. එමෙන්ම 600 000 පමණ ඉතාලි ජාතිකයන්ද මිය ගිහින් තියනවා. එසේම මොහු පළමුවන ලෝක යුද්ධය සහ දෙවන ලෝක යුද්ධය සමයේ ජීවත් වී එයින්ද බොහෝ පීඩා විදලා තියෙනවා. ජීවිතයේ ආරම්භයේ වගේම අවුරුදු 100 කට පසු නැවත රෝහලකට එන මොහු සුව වෙලා යන්නේ ජීවිතේ ගැන බලාපොරොත්තු අලුත් කරලා.

ඉතාලි වෛද්‍යවරුන් COVID-19 ඉදිරියේ අවු. 65ට වැඩි පුද්ගලයන් ගැන බලාපොරොත්තු අත හැරලා ඉද්දි ඉතාලියේ අවු 70 ට වැඩි පුද්ගලයන්ගෙන් 86‍% කට වැඩි ප්‍රතිශතයක් ජීවිතේ හැර යද්දි මේ පුද්ගලයා සුව වෙලා අපි හැමෝටම කියන්නේ ජීවිතේ ගැන බලාපොරොත්තු නැති කර නොගෙන අනාගතය ගැන බලාපොරොත්තු අලුත් කරගන්න ලෙසයි.

මරීනා හේෂානි

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...