මිනිස්සු විනාශවෙලා කැළණි ගඟ පිරිසිඳු වෙලා මොකටද?

මේ දිනවල කොරෝනා වසංගතයත් එක්ක පරිසර දූෂණය අඩුවීම ගැන පුවත් වාර්තා වෙනවා. සත්තු නිදහසේ සැරිසරන ආකාරයේ ඡායාරූප පළවෙනවා. මේ පුවත් වාර්තාවලින් එක් පැත්තකින් මතුකරන්න උත්සාහ කරන අදහස වෙන්නෙ එක් එක් මිනිසුන්ගේ ක්‍රියාකාරකම් නිසා පරිසරයට සිදුවෙමින් පැවති හානිය අවම වීම නිසා මේ තත්ත්වය උදා වී ඇති බවයි. නමුත් පරිසරය විනාශ කරමින් සිටින්නේ තනි තනි මිනිස්සුද? ඒ කියන්නෙ පරිසරය රැකෙන්න මිනිස්සු විනාශවෙලා යන්න ඕනද? පුළුවන්නම් කියුබානු ගංගා ජලය ලෝකයේ අවම දූෂිත තත්ත්වයක පවතින බවට ‘නේචර්’ සඟරාවේ පර්යේෂණ වාර්තාව පොඩ්ඩක් කියවලා බලන්න කියලා ආරාධනා කරනවා.

පහත දැක්වෙන්නේ පරිසර යුක්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ හේමන්ත විතානගේ තමන්ගේ facebook ගිණුමේ කැළණි ගඟ පිරිසිඳු වීම ගැන පළකර තිබූ සටහනක්.

කොරෝනා නිසා කැළණි ගඟ පිරිසිදු වෙලා කියන එක ලැජ්ජාවට කාරණයක්. ඕකේ දෙපැත්තේ කර්මාන්ත 7000කට වැඩියි. පාරිසරික බලපත් තියෙන්නේ බාගයකටත් අඩුවෙන්. කොරෝන ඇවිල්ල මුළු සමාජයම ආර්ථික සමාජ හානියක් ඇති කරලා, සමාජ සම්බන්ධතා බිඳ දමල, ඇඳිරි නීතිය දමල, දුප්පත් මිනිස්සු බඩගින්නේ තියල, කුඩා කර්මාන්ත විනාශ කරලා කැළණි ගඟ පිරිසිදුවෙලා මොකටද? පරිසර අධිකාරියට හරියට පරිසර නීතිය ක්‍රියාත්මක කරලා මෙච්චර සමාජ ආර්ථික හානියක් නොවී කැලණි ගඟ පිරිසිදු කරගන්න තිබ්බ. අපි විසදුම් කියන්නේ ඒවාට මිසක් වයිරසයක් ඇවිල්ල කරන මහා විනාශයක් නොවෙයි.

 

Share post:

Popular

වෙනත් පුවත්

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...

දීපචෙල්වම්ගේ කෘති නිදහස් කරන්නැයි නියෝගයක්

දීපචෙල්වම් ප්‍රදීපන්ගේ නම් ලේඛකයා විසින් රචිත ලද දෙමළ භාෂා...