මිනිස්සු විනාශවෙලා කැළණි ගඟ පිරිසිඳු වෙලා මොකටද?

මේ දිනවල කොරෝනා වසංගතයත් එක්ක පරිසර දූෂණය අඩුවීම ගැන පුවත් වාර්තා වෙනවා. සත්තු නිදහසේ සැරිසරන ආකාරයේ ඡායාරූප පළවෙනවා. මේ පුවත් වාර්තාවලින් එක් පැත්තකින් මතුකරන්න උත්සාහ කරන අදහස වෙන්නෙ එක් එක් මිනිසුන්ගේ ක්‍රියාකාරකම් නිසා පරිසරයට සිදුවෙමින් පැවති හානිය අවම වීම නිසා මේ තත්ත්වය උදා වී ඇති බවයි. නමුත් පරිසරය විනාශ කරමින් සිටින්නේ තනි තනි මිනිස්සුද? ඒ කියන්නෙ පරිසරය රැකෙන්න මිනිස්සු විනාශවෙලා යන්න ඕනද? පුළුවන්නම් කියුබානු ගංගා ජලය ලෝකයේ අවම දූෂිත තත්ත්වයක පවතින බවට ‘නේචර්’ සඟරාවේ පර්යේෂණ වාර්තාව පොඩ්ඩක් කියවලා බලන්න කියලා ආරාධනා කරනවා.

පහත දැක්වෙන්නේ පරිසර යුක්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ හේමන්ත විතානගේ තමන්ගේ facebook ගිණුමේ කැළණි ගඟ පිරිසිඳු වීම ගැන පළකර තිබූ සටහනක්.

කොරෝනා නිසා කැළණි ගඟ පිරිසිදු වෙලා කියන එක ලැජ්ජාවට කාරණයක්. ඕකේ දෙපැත්තේ කර්මාන්ත 7000කට වැඩියි. පාරිසරික බලපත් තියෙන්නේ බාගයකටත් අඩුවෙන්. කොරෝන ඇවිල්ල මුළු සමාජයම ආර්ථික සමාජ හානියක් ඇති කරලා, සමාජ සම්බන්ධතා බිඳ දමල, ඇඳිරි නීතිය දමල, දුප්පත් මිනිස්සු බඩගින්නේ තියල, කුඩා කර්මාන්ත විනාශ කරලා කැළණි ගඟ පිරිසිදුවෙලා මොකටද? පරිසර අධිකාරියට හරියට පරිසර නීතිය ක්‍රියාත්මක කරලා මෙච්චර සමාජ ආර්ථික හානියක් නොවී කැලණි ගඟ පිරිසිදු කරගන්න තිබ්බ. අපි විසදුම් කියන්නේ ඒවාට මිසක් වයිරසයක් ඇවිල්ල කරන මහා විනාශයක් නොවෙයි.

 

Share post:

Popular

වෙනත් පුවත්

“මල් මල් බයිසිකලය” – ජීවිත සාරයට දරුවන්ට

දුව පුතගොඩ වෙන්නමේ මල් මල්බයිසිකලයට අමතක නොවනරවුමක් යමු අපි මේ ලහිරු...

පළාත් සභා තේරීම් කාරක සභාව විපක්ෂය වර්ජනය කරයි

අද (සැප්තැම්බර් 10) පැවති පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන්...

ඥාණසාර භික්ෂුවට මෛත්‍රී දුන් සමාව රිවස් කරයි

2019 වසරේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පූජ්‍ය ගලගොඩඅත්තේ...

අසියානු කුසලාන කාන්තා තීරණාත්මක තරඟ තුන හෙටින් ආරම්භ වේ .

2026 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය...