CBL Coccos සේවකයන් බලහත්කාරයෙන් සේවයට කැඳවීම ගැන කම්කරු අරගල මධ්‍යස්ථානයෙන් පොලීසියට පැමිණිල්ලක

CBL Coccos PVT LTD හි සේවකයන් අද(23) දිනයේ සේවා මුරය සදහා බලහත්කාරයෙන් කැදවීම සම්බන්ධයෙන් කම්කරු අරගල මධ්‍යස්ථානය වරකාපොළ පොලිස් ස්ථානයට පැමිණිල්ලක් සිදුකර තිබේ. කම්කරු අරගල මධ්‍යස්ථානය වරාකාපොළ පොලිස් ස්ථානාධිපතිවරයාට ලිපියක් යොමුකරමින් මෙම පැමිණිල්ල සිදුකර තිබේ.

එම ලිපියේ සඳහන් වන පරිදි ඇඳිරි නීතිය පැය කිහිපයකට ඉවත් කරන ලද අද දිනය තුළ මෙම සේවකයන්ට සේවයට පැමිණෙන ලෙස බලපෑම් කර ඇත. සේවකයන් 300ක් පමණ සිටින මෙම කර්මාන්තශාලාවේ සේවකයන් මෙලෙස වැඩ කිරීම හරහා කොරෝනා වසංගතය පැතිරීමේ අවදානමක්ද පවතින බව ලිපියේ දැක්වේ. මෙලෙස රෝග ව්‍යාප්තිය පිළිබඳ සහ සේවක ජීවිත කෙරෙහි කිසිදු තැකීමක් නොකරන තම ලාභය පමණක් අරමුණු කරගත් CBL Coccos PVT LTD පාලනාධිකාරියට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන ලෙස කම්කරු අරගල මධ්‍යස්ථානය ඉල්ලා සිටියි.

Share post:

Popular

වෙනත් පුවත්

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...

දීපචෙල්වම්ගේ කෘති නිදහස් කරන්නැයි නියෝගයක්

දීපචෙල්වම් ප්‍රදීපන්ගේ නම් ලේඛකයා විසින් රචිත ලද දෙමළ භාෂා...

IMF එක්ක දීගය අතාරින්න සූදානම් නෑලු

ශ්‍රී ලංකාව ළඟා කරගත් ආර්ථික ස්ථායීතාවය ආරක්ෂා කරගනිමින් ආර්ථික...

සජබ පිරිසක් ආණ්ඩුවට එරෙහිව ජාතිවාදය අවුළුවන්න ගිහින්

පොදුජන පෙරමුණ මෙන්ම සමගි ජන බලවේගයද උත්සාහ කරන්නේ ජාතිවාදය,...